කරපිංචා කොළ භාවිතා කර ඔබ හිස කෙස් වර්ධනය කරගත හැකි ආකාර (Karapincha)

කරපිංචා කොළ භාවිතා කර ඔබ හිස කෙස් වර්ධනය කරගත හැකි ආකාර (Karapincha) - Your Choice Way
🍁හිස කෙස් වැවීම සදහා උත්තේජකයක් ලෙස කරපිංචා

🌳කරපිංචා යනු ස්වාභාවිකව හිස කෙස් වැවීම උත්තේජනය කරන ඉතා හොද ශාක පත්‍ර වර්ගයකි.  මෙම පත්‍ර හිසේ ගැලවීම තුලින් හිස් කබලට අවශ්‍ය සම්පුර්ණ පෝෂණය ලබා ගැනීමට ඔබට පුළුවන්.  මේ සදහා අවශ්‍ය වන්නේ, කරපිංචා කොළ සහ උණුවතුරයි.  උණු වතුර භාජනයකට දමා එයට කරපිංචා කොළ 2-3 පමණ දමන්න.  ඒවා මෘදු තත්වයට පත් වන තුරු හොදින්මිශ්‍ර කරන්න.  ඒවා මෘදු තත්වයට පත් වූ විට කොළ පැහැයට හැරේ.  මෙම මිශ්‍රණය සිසිල් වන්නට තබන්න. හොදින්සිසිල් වූ පසු හිස කෙස් වල ගල්වා මිනිත්තු 10-15 පමණ තිබෙන්නට හැර හොදින් සෝදා හරින්න.  මෙම සත්කාරය සතියකට දෙවරක් පමණ සිදු කරන්න.

🍁 හිස කෙස් වලට පෝෂණයක් ඇති කරවීම සදහා කරපිංචා

🌳 ඔබගේ හිස කෙස් සුමුදු කර නිරෝගිව පවත්වා ගැනීම සදහා මෙම ප්‍රතිකාරය බොහෝ උපකාරී වේ. හිස කෙස්හොදින් පිරිසිදු කර කොටස් වලට බෙදා මෙම ආලේපනය ගල්වන්න.  මේ සදහා ඔබට ආවශ්‍ය වන්නේ, කරපිංචා කොළ, කොහොබ කොළ, යෝගට් මේස හැදි 2-3 පමණ.  මේ සියල්ල බ්ලෙන්ඩර් එකකට දමා ඒවා මෘදු මිශ්‍රණයක් ලැබෙන තුරු හොදින් මිශ්‍ර කරන්න.  ඉන් පසු මෙම මිශ්‍රණය හිස කෙස් වල ගල්වා හොදින් සම්බාහනය කරන්න.  මිනිත්තු 10-15ක් වියලෙන්නට හැර මෘදු ශම්පෝ වර්ගයක් භාවිතා සෝදා හරින්න.

🍁 හිස කෙස් වල අලේප කිරීම සදහා තෙලක්

🌿 ඔබට හිස කෙස් වල ආලේප කිරීම සදහා කරපිංචා තෙල් භාවිතා කරන්නට පුළුවන්.  මෙම තෙල් භාවිතයෙන් ඔබගේහිස කෙස් අදහාගත නොහැකි ලෙස වර්ධනය කරගන්නට ඔබට පුළුවන්.  මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ ,පොල් තෙල් කෝප්පයක්ක,කරපිංචා කොළ 4-5ක්කුඩා භාජනයක් ගෙන එයට කරපිංචා කොළ කිහිපයක් දමන්න.  මෙම භාජනය විශාල ජල බදුනක දමන්න.  ඉන් පසු මෙම ජල බදුන හොදින් රත් වන තුරු උදුනක තබන්න.  තෙල් රත් වන්නට පටන් ගත් විට කළු පැහැති ශේෂයක් බැදුනේ ඉතිරි වේ.  මෙම ශේෂය සතියට දෙවරක් වත් හිස කෙස් වල ආලේප කරන්න.  මෙම තෙල් වර්ගය දිගින් දිගටආලේප කිරීමේදී ඔබට හිස කෙස් වර්ධනය වීම ඉක්මනින් සිදු කරගන්නට පුළුවන්.

🌳 හිස කෙස් වල තබ පැහැය ඉවත් කරගැනීම සදහා

🌿 හිස කෙස් තබ වීම බොහෝ කාන්තාවන් සතුව තිබෙන ගැටළුවක්.  මේ නිසා ඔබ බොහෝ වෙලාවට අපහසුතාවයටපත් වෙනවා වෙන්නට පුළුවන්.  නමුත් මෙම ඖෂධය භාවිතා කිරීමෙන් ඔබට මේ තත්වය වලක්වා ගැනීමට පුළුවන්.  කරපිංචා කොළ ස්වල්පයක් ගෙන ඒවා අදුරු පැහැ වන තුරු හොදින් වේලන්න. ඉන් පසු කුඩු වන පරිදි හොදින් කොටා ගන්න.  මෙම කුඩු මේස හැදි 3-4ක් පමණ පොල් තෙල් මිලි ලීටර 150ක් සමග මිශ්‍ර කර මෙම මිශ්‍රණය රත්කරන්න.  මෙම තෙල් සතියකට දින දෙකක් පමණ හිස කෙස් වල ආලේප කරන්න.  හිස කෙස් වලට හොදින් තෙල් උරාගන්නා පරිදි හිස කෙස් සම්බාහනය කරන්න.  මිනිත්තු 45 කට පසු උණුසුම් වතුරෙන් සෝදා හරින්න.  මේ ප්‍රතිකාරය දිනපතා සිදී කිරීමෙන් ඔබට කළු පැහැති ස්වාභාවික කෙස් කලබක් ලබා ගන්නට පුළුවන්.

🙏 සියලු සත්වයෝ සුවපත් වේවා!🙏 විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කරපිංචා කොළ භාවිතා කර ඔබ හිස කෙස් වර්ධනය කරගත හැකි ආකාර (Karapincha) කරපිංචා කොළ භාවිතා කර ඔබ හිස කෙස් වර්ධනය කරගත හැකි ආකාර (Karapincha) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 19, 2021 Rating: 5

0 comments:

Post a Comment