Your Choice Way

විශ්මිත ගුණ ඇති කලු දුරු ගැන ඔබ දන්නවාද? (Kalu Duru)

විශ්මිත ගුණ ඇති කලු දුරු ගැන ඔබ දන්නවාද? (Kalu Duru) - Your Choice Way
🌿 මෙරට වැඩ  විසූ  අවසාන මාර්ග පල ලාහි   තෙරණුවන්  ලෙස   හැඳින්වෙන  මලියදේව   මහ  රහතන් වහන්සේ,   ගිලන්   කල්හි      කළුදුරු මිශ්‍ර     ඔසු කැඳක්  පිළිගැන්වුණු   බව   පැරණි   ලේඛනවල  සඳහන්  වෙනවා.  

🌿 පුරාණ  ග්‍රීසියේ  ඇදුම,  කල්ගිය  කැස්ස , වැනි  ශ්වසන රෝගීන්  සුවය සඳහා    කළුදුරු  දුම  ඉරූ  බවට   සටහන්  දක්නට  ලැබෙනවා .ඓතිහාසික  ආගමික  ග්‍රන්ථයක් වන  ශුද්ධ  කුරානය  කියන්නේ  කළුදුරු  මිනිසාගේ   මරණින්  පෙර  ඇතිවන  සියලු රෝග සුවකර  දෙන්නක්  බවයි

🌿 මරණය  පෙනි  පෙනී  ඉන්නා,   නියඟලා  විස   ශරීර ගතවූවන්ගේ  ජීවිත  බේරාගන්නට  ප්‍රතිකාර  කිරීමේ  හැකියාවත් කළුදුරු  සතුයි.

🌿  කළුදුරු,   ඇත්දල  හැඩැති  මණි පත්‍රවලින්   සැරසී,  අලංකාර  සුදු  හා  නිල්  පැහැති  මල්   පුබුදුවන,  ප්‍රභේද  දෙකකින්  යුතු  ශාකයක්.  ඒවායේ   කළු  පැහැති  සුවඳවත්   ඇට  මෙන්ම  ඇටවලින්  සිඳිනු  ලබන  තෙල්ද  බොහෝ  රෝගවලට  ඖෂධ  ලෙස  යොදාගනු  ලබනවා. ඉන්  දැකගත් විස්මිත  ගුණ  නිසා දෝ  black seed- (කළු ඇට ),   නම්  වූ    එය  blessed  seed-(ආශීර්වාද  ලත්  ඇට)  ලෙස  ද   හඳුන්වනවා.

🌿 කළුදුරු   තෙල්  ආහාර   පිසීමටද   යොදා  ගනු ලබනවා.තෝසේ  චපාති රොටී  වැනි  ආහාර  සැකසීමේදී  කළුදුරු  තෙල  භාවිතා  කෙරෙන අතර   තේ  කෝපි ආදියටද  කළුදුරු  කුඩු  මිශ්‍ර කරගන්නා  බව සඳහන්.

🌿 දේශීය වෙදකමේත්,  ආයුර්වේදයේත් , වා  සෙම්   රෝග සුවයට    කළුදුරු  යොදාගනු  ලබනවා.   

🌿 කළුදුරු A B C  විටමින්  කැල්සියම්    පොටෑසියම්    මැග්නීසියම්   සින්ක්  ආදි  පෝෂක  ගණනාවකින්   යුක්තයි.   ප්‍රති  ඔක්සිකාරක  හා  ප්‍රතිජීවක  ගුණ  සහිතයි. විස   නාශකයක් ,  වේදනා  නාශකයක්,   වයිරස්  බැක්ටීරියා  නාශකයක්,     අසාත්මිකතා  නාශකයක්  සේ   සිරුරේ   ක්‍රියාත්මක වෙනවා.

🌿 පිළිකා  රෝග  පාලනයට   යොදාගන්නා  කිමෝ තෙරපි  යේ   කාර්‍යය  ඉටුකර  දෙන  කළුදුරු,     විකිරණ  හානිවලින්  තොරව ම  මොළයේ පිළිකා,  රුධිර  පිළිකා,  බඩවැල්   පියොයුරු  හා  මුඛ පිළිකා  අවදානම් අවම  කිරීමට  උපකාරි වෙනවා.

🌿 රුධිරගත  මේද දහනය    කරන  කළුදුරු    කොලෙස්ටරෝල්  හා  රුධිර  පීඩන  මට්ටම්  පාලනය  කරමිත්  හදවත  ආරක්ෂා  කරනවා.සීනි  අඩුකර දෙමින්  දියවැඩියාවට  එරෙහිව  ක්‍රියා කරනවා .බර  අඩුකර දෙමින්   තරබාරුකම  පාලනය  කරනවා.

🌿 සිරුරට  ඇතුළුවන  විෂ අවශෝෂණය කරගනිමින්  අක්මාව ඉදිමීමත්  ඊට  ඇතිවන  වෙනත් හානිත්  වළකාලීමේ  හැකියාව  කළුදුරු  සතුයි.  මත්පැන්,  සැර බෙහෙත් වර්ග  ආදියෙන්  ඇතිවන  විස  එය දුරුකර දෙනවා.  එසේම ඊයම්වලින්  මොළයට ත්,  බර  ලෝහයක්වන       කැඩ්මියම් වලින්  වකුගඩුවලටත් වන  හානි  වළකනවා.

🌿 පෙණහළු  ආශ්‍රිත  ඇදුම, බ්‍රොන්කයිටිස්,    කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව   හා  උණ  රෝග  සඳහා  කළුදුරු  සුව  සහන ලබා  දෙනවා. සමේ  ඇතිවන  කුරුළෑ   සැරවගෙඩි,    වණ  තුවාල  සුවකරමින්  සම  නිරෝගිකර  පැහැපත් කරනවා.  කැඩුම්   බිඳුම්,  තැලුම්  ඉදිමුම්   සුවපත්  කරනවා.

🌿 ආහාර ජීර්ණ පද්ධතියේ  ක්‍රියාකාරිත්වයට සහායවෙමින්  අජීර්ණ   අර්ශස් රෝග  දුරුකරනවා.  ආහාර මාර්ගයේ  තුවාල  සුවකර  දෙනවා.   ආහාර  රුචිය  වර්ධනය  කරනවා.   

🌿 එය  කිරි දෙන  මවුවරුන්ගේ  බොහෝ  ගැටළු  විසඳමින්   සහන  සලසන්නක්   . කාන්තා  ආර්තව  චක්‍රද  ක්‍රමවත්  කරනවා. කළුදුරු  හිසකෙස්  නිරෝගි  කිරීමටත්  සහායවනවා අකලට පැසීම ,කෙස් වැටීම  ,කෙස්අග  පැලීම,    වළක්වන්නටත්   හිස්සොරි දුරුකිරීමටත් එය  සමත්.  හිස කෙස්  නිරෝගිව  වැවීම සඳහා  කළු දුරු  පොල්තෙලට  දමා  කල්තබා  හිසගැල්වීමත්,   පොල්තෙල්   උළුහාල්  රතුලූනු  කරපිංචා  ආදිය  සමග  රත්  කර  හිස ගැල්වීමත්, අතීතයේ සිට ම   පවත්නා   පුරුද්දක් .  

🌿 ප්‍රතිජීවක  ඖෂධවලට   බැක්ටීරියා ප්‍රතිවිරෝධය  දැක්වීමේ   ගැටළුවට   එරෙහිව  ක්‍රියා  කිරීමේ  හැකියාව   කළුදුරු   සතු  ව්ශේෂ  ශක්තියක්.  එහිදී   ප්‍රතිජීවකයක්   ලෙස  එය  ක්‍රියා  කරන  අතරදුරු  හා අළුත්  ඉඟුරු  සමවගෙන    දිනකට  තේ  හැන්දක  ප්‍ර මාණය  ගැනීම  ඊට සෑහෙනවා.  එය  ඔක්කාර , උණ  , මස්පිඩු වේදනා වැළැක්මට  ද   සුදුසුයි.

🌿 අපස්මාර -ස්නායු  රෝග,  වලිප්පුව  පොතු කබර , වාතරෝග  මුඛ  හා  දන්ත රෝග  ආදියට ද   කළුදුරු  මගින්  ප්‍රතිකාර  කෙරෙනවා.  අසාත්මිකතාව   සුවකිරීමට  මෙන්ම  නිදන්ගත  රෝග  දුරුකිරීමට  ද  ඊට  හැකි  බව සඳහන්.

✅ ඔබේ සෞඛ්‍යය වර්ධනය කිරීමට කළුදුරු වල බලපෑම


🌿 ශ්වසන රෝග නතර කර ඇදුම රෝගය සුවපත් කිරීම
පුරාණ ග්‍රීසියේ වැසියන් ඇදුම, දිගුකාලීනව පවතින කැස්ස සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව පවතින වෙනත් ආසාදනයන් සඳහා ආදෙශකයක් “inhaler” ලෙස කළුදුරු භාවිතා කර තිබෙනවා.
නුතන වෛද්‍ය විද්‍යාවට අනුව නිකුත් කරනු ලබන ඖෂධ වලට සාපේක්ෂව ඇදුම, දිගුකාලීනව පවතින කැස්ස සහ වෙනත් ආසාත්මිකතා සඳහා කළුදුරු තෙල් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බවට අධ්‍යයන රැසක් මගින් තහවුරු කර තිබෙනවා. කළුදුරු සතු “Thymoquinone” යන ක්‍රියාකාරී සංයෝගය ඇදුම රෝගය සඳහා භාවිතා කරන රසායනික ඖෂධ වලට වඩා ක්‍රියාකාරී වනවා. කළුදුරු තේ පානයක් ලෙස පානය කිරීම සහ කළුදුරු හුමාලය ආශ්වාස කිරීම මගින් ඇදුම රෝගයට විශාල සහනයක් සලසා ගන්නට පුළුවන්.

🌿 පෙර සහ පසු ප්‍රසූති ඖෂධයක් ලෙස
කළුදුරු තුල අඩංගු වන “Thymoquinone” යන ක්‍රියාකාරී සංයෝගය ශාකමය රසායනික ද්‍රවයක් වන අතර මෙමගින් ගර්භනී සමයේදී “T-cells” වල ස්ථිතිය සහ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන අතර කිරි දෙන මව්වරුන් හට ඇතිවන විවිධ ගැටළු වලටද සහනය සලසනවා.

🌿 පිළිකා සුව කිරීම සහ විකිරණ ප්‍රතිකාර වලදී මොළය ආරක්‍ෂා කරදීම
“Thymoquinone” රසායනික සංයෝගය අඩංගු වන කළුදුරු තෙල් බැක්ටීරියා නාශයකක් සහ පිළිකා සෛල නාශකයක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. මෙම සංයෝගය මගින් ශරීරයේ සෞඛ්‍යය සම්පන්න තාවය අවම සෛල මියයෑම වලකා පිළිකා සෛල ශරීරය පුරා පැතිරීම වළක්වනු ලබනවා. කළුදුරු තෙල් භාවිතය මගින් පිළිකා රෝගියෙකුට මුල් අවදියේදී අවශ්‍ය වන කීමෝතෙරපියෙහි අවශ්‍යතාවය දුරු කරන අතර ලියුකේමියා රෝගය, මහා බඩවැලේ ඇතිවන පිළිකාව, මොළයේ පිළිකාව, පියයුරු පිළිකාව සහ මුඛ පිළිකාව ආදී පිළිකා රෝග රැසකට සුවය සලසනවා. මහා බඩවැලේ ඇතිවන පිළිකාව වැනි පිළිකා සුව කිරීම සඳහා කළුදුරු භාවිතා කිරීමෙන් කිසිදු අතුරු ආභාදයක් ඇති නොවන බව විවිධ අධ්‍යයනයන් මගින් තහවුරැ කර තිබෙනවා.
පිළිකා සුව කිරීම සඳහා සිදු කරන විකිරණ ප්‍රතිකාර තුලින් මොළයට සිදුවන හානියත් කළුදුරු මගින් අවම කරනු ලබනවා.

🌿 අධික කොලෙස්ටරෝල් මට්ටම සහ අධි රුධිර පීඩනය සුව කිරීම
ශරීරයේ අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කර හිතකර HDL කොලෙස්ටරෝල් මට්ටම නිසි අයුරින් පවත්වා ගෙන අධි රුධිර පීඩනය සුව කර හෘද්‍යාබාධ සහ ආඝාතය වැනි රෝග වලින් ආරක්‍ෂා කිරීමේ හැකියාවක් කළුදුරු සතු වනවා. අධි රුධිර පීඩනයෙන් පීඩා විඳින අයෙක්ට කළුදුරු යුෂ මිලිග්‍රෑම් 100-200 පමණ දිනකට දෙවර බැගින් දිනපතා ආහාරයට ගැනීමෙන් මාස දෙකක කාලයක් ඇතුලත නිසි සුවයක් ලබන්නට පුළුවන්.

🌿 දියවැඩියාව සුව කිරීම
දියවැඩියාව ස්වරුප දෙකෙහි පසුවන පුද්ගලයින්ට හෝ දියවැඩියාව රෝගයේ රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ට කළුදුරු තෙල් භාවිතා කිරීමම ගින් ශරීරයේ තිබිය යුතු වන ඉන්සියුලින් අගය නිසි ලෙස පවත්වාගෙන අක්මා සෛල වල සහ බඩවැල් තුල ග්ලූකෝස් සංවේදීතාවය උද්වීපණය කර ශරීරයට වැඩි වශයෙන් ග්ලූකෝස් අවශෝෂණය වීම අඩු කර ගන්නට පුළුවන්. පර්යේෂකයන් කරුණු දක්වන ආකාරයට දිනකට කළුදුරු ග්‍රෑම් දෙකක් ආහාරයට ගැනීම මගින් “glycosylated hemoglobin (HbA1c)” තත්වය අඩු කරගෙන දියවැඩියා රෝගයට සුවයක් සලසා ගන්නට පුළුවන්.

🌿 “MRSA” තත්වයට සහ වෛරස ආසාදනයන් වලට සුවය සැලසීම
“MRSA” යනු ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි බැක්ටීරියාවන් දක්වන ප්‍රතිරෝධය හේතුවෙන් ඇතිවන දරුණු බැක්ටීරියා ආසාදනයකි. මෙම රෝගී තත්වය නිසා වසරකට ලොවපුරා මරණ විශාල සංඛ්‍යාවක් සිදු වනවා. සැත්කම් සඳහා භාජනය වන රෝගීන් මෙන්ම වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර වෙත යොමු වන රෝගින්ට ද මෙම අවදානම බහුල වනවා.
කළුදුරු සහ නැවුම් ඉඟුරු එකසාමාන ප්‍රමාණයන්ගෙන් සපයාගෙන දිනකට දෙවරක් තේ හැන්දක් බැගින් පානය කරන්න. මෙම සරල ඖෂධය මගින් මෙම “MRSA” තත්වයට ප්‍රතිකාරයක් වන අතර ඔක්කාරය, උදරාබාධ, ශරීරයේ දැවිල්ල, උන සහ මස්පිඩු පෙරලීමට සුවය සලසා ගන්නට පුළුවන්.

🌿 ආසාදනයන් සමග සටන් වැදීම සහ සමේ ඇතිවන ආසාදනයන් සුව කිරීම
ශරීර අභ්‍යන්තරයේ ඇති වන විවිධ ආසාදනයන් සුව කිරීම සඳහා රටවල් ගණනාවකම කළුදුරු තෙල් භාවිතා කරනු ලබනවා. විවිධ වර්ගයේ බැක්ටීරියාවන් නැසීමේ බලයක් ඇති කළුදුරු හට දත් කැක්කුම් සහ සැරව ගෙඩි ආදිය සුව කිරීමේ හැකියාවද තිබෙනවා. සම මත කළුදුරු තෙල් ආලේප කල විට ආසාදනයන් ඉතා ඉක්මනින් සුවපත් වන බව විවිධ අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.

🌿 වලිප්පුව සුවපත් කිරීම
විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඇතිවන වලිප්පුව සඳහාත් කළුදුරු ඵලදායී ඖෂධයක් වන බවට අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.

🌿 මාංශ පේශී වේදනාව සහ ශරීරයේ දැවිල්ල සමනය කිරීම
මාංශ පේශී වේදනා ඇතිවීමේදී සහ මස් පිඩු පෙරලීම වැනි අවස්ථා වලදී කළුදුරු ඖෂධයක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. කළුදුරු තෙල් දිනකට දෙවරක් සමේ ආලේප කරන්න. නැතිනම් කළුදුරු තේ හැන්දක් තේ කෝප්පයකට එක්කර නින්දට පෙර පානය කරන්න.

✅කළුදුරු වලින්  තවත් අත්  බෙහෙත්

🌿 බර  අඩුකර  ගැනීමට
කළුදුරු තෙල්  හා  මීපැණි  තේහැඳි  බාගය  බැගින්  මිශ්‍රකර  උදේ  පානය  කිරීම.

🌿 සුව  නින්දට  දැවිල්ල  දුරුකිරීමට
කළුදුරු  ඇට  ස්වල්පයක්  දියේ දමා  තබා රාත්‍රි  නින්දට  පෙර  පානය  කිරීම

🌿 මැලේරියා උණට
කළුදුරු  ඇට  සියුම්ව  චූර්ණකර  උක්  හකුරු  සමග  කෑම

🌿 කැස්සට  ඇදුමට  අසාත්මිකතා වලට
කළුදුරු  තේ පානය  සහ  හුමාලය  ඇල්ලීම

🌿 අර්ශස්  ගෙඩිවලට
කළුදුරු  දවන  දුම  ඇල්ලීම

🌿 මුහුණේ  කළු  ලප  කැළැල්  දුරුකර  සම  පැහැපත් කරගැන්මට
කළුදුරු  සූදුරු  අබ  හා  තල  එළකිරෙන්  අඹරා  ගෑමඋ

🌿 කොලෙස්ටරෝල්  පාලනයට
කළුදුරු  කරපිංචා  උළුහාල්  සමව  ගෙන  කුඩුකර  මීපැණි   දමා  තේ  හැන්දක්  උදේ  බීම

🌿 මස්පිඬු පෙරළීම    මාංශ පේශි  වේදනා සඳහා
දිනකට  දෙවරක්   කළුදුරු  තෙල්  ගෑම.රාත්‍රි  නින්දට  පෙර  කළුදුරු  තේ  හැන්දක්  දැමූ  තේ පානය කිරීම

🌿 හිසකෙස්  වැටීම  නැවතී  වර්ධනය වීමට
දොඹ  දලු,  බුලත්  රතුලූනු  ගොටුකොළ  සමවගෙන  කොටා  කළුදුරු  හා  තලතෙල්  සමග මඳ  පමණට  උතුරුවා   හිස  ගැල්වීම

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විශ්මිත ගුණ ඇති කලු දුරු ගැන ඔබ දන්නවාද? (Kalu Duru) විශ්මිත ගුණ ඇති කලු දුරු ගැන ඔබ දන්නවාද? (Kalu Duru) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, June 13, 2021 Rating: 5

0 comments:

Post a Comment