Daham Kamala Song Lyrics - දහම් කමල ගීතයේ පද පෙළ

Daham Kamala Song Lyrics - දහම් කමල ගීතයේ පද පෙළ
Song Title : Daham Kamala (දහම් කමල)
Artist : Sangeeth Wickramasinghe
Album : Bathi Gee Dayawa (බැති ගී දයාව)
Melody & Lyrics : Daya Wickramasinghe (1976)
Music Director : Sangeeth Wickramasinghe
New Arrangements : Sanuka Wickramasinghe 


තෛලෝකාග්‍ර වූ සම්මා සම්බුදු පියාණෝ..
සියලු සත වෙත මෙත් කරුණා පා..
ශාන්ත මෝක්ෂ මඟ පහදා දී..
අද වැනි පුන් පෝදාක නැවත නොමියෙන් සේ..
අප බුදු පියාණෝ..
පිරිනිවන් පෑ සේක..

මල්ලව රජුගේ මල් උයනේ පිපි
මල් හැම පරවී වැටුනා
ශාක්‍ය සිංහ තුන් ලෝක සිවංකර
හිමි මුව කමලද වැසුණා
දහම් කමල මැලවිලා ගියේ
එනමුදු තවමත් සුවඳ තියේ

ආ..

ඇවිදින පැනයන ඉගිලෙන සව්සත
ඇයි මේ ශෝක වෙලා
දසදිග විහිදුව උතුම් දහම් හඬ
ඇයි අද නිහඬ වෙලා
දහම් කමල මැලවිලා ගියේ
එනමුදු තවමත් සුවඳ තියේ

වෙනදා දිලිසුන හිරුදෙවි අද නැත
වළාකුළින් වැහිලා
මේ තුන් ලෝකය කළ ආලෝකය
පහන ගියා නිවිලා
දහම් කමල මැලවිලා ගියේ
එනමුදු තවමත් සුවඳ තියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Daham Kamala Song Lyrics - දහම් කමල ගීතයේ පද පෙළ Daham Kamala Song Lyrics - දහම් කමල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2021 Rating: 5

0 comments:

Post a Comment