Wasath Kaalaya Manaram Song Lyrics - වසත්කාලය මනරම් ගීතයේ පද පෙළ

Wasath Kaalaya Manaram Song Lyrics - වසත්කාලය මනරම් ගීතයේ පද පෙළ
Song Title : Wasath Kaalaya Manaram (වසත්කාලය මනරම්)
ගායනය : දයාන් විතාරණ සමඟින් නෙලූ අධිකාරී
පද රචනය : රවී සිරිවර්ධන
සංගීතය : කරුණාරත්න විජේසිංහ


වසත්කාලය මනරම් - ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකැලැල් - පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙනු තහනම්
අනුන් සතු උයනේ මං පීදිලා ලත වෙන්නම්...

නෙලනු බැරි මල් ඇයි මේ සොදුරු
හිතක නැති මල් ඇයි මට නුදුරු
පැතුම් මලේ රුසිරූ...මන්ද මට පසමිතුරු
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරු
ආදරේ සොඳුරු...මට නොවෙද පස මිතුරු

වසත්කාලය මනරම් - ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකැලැල් - පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙනු තහනම්
අනුන් සතු උයනේ මං පීදිලා ලත වෙන්නම්...

නෙලු මලක් වුව මල් ලොව කවුරු
දුරින් හිද මම නරඹමි රුසිරු
නොවෙන් මට නපුරු...කඳුල මට මගෙ ලඟ මිතුරු
හිත පුරා ඇවිදින ඔබෙ පිළිරු
අහිමි දුක වලකමි කොයි අයුරු
දුරින් හිද නුදුරු...නිවනු මැන ගිනි පුපුරු

වසත්කාලය මනරම් - ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකැලැල් - පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙනු තහනම්
අනුන් සතු උයනේ මං පීදිලා ලත වෙන්නම්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasath Kaalaya Manaram Song Lyrics - වසත්කාලය මනරම් ගීතයේ පද පෙළ Wasath Kaalaya Manaram Song Lyrics - වසත්කාලය මනරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2021 Rating: 5

0 comments:

Post a Comment