Prema Aradhanawa Song Lyrics - ප්‍රේම ආරාධනාව පද පෙළ

Prema Aradhanawa Song Lyrics - ප්‍රේම ආරාධනාව පද පෙළ
Song Title : Prema Aradhanawa (ප්‍රේම ආරාධනාව)
Lyrics : Samitha B. Atuwabendela


සංගීත සාරිය
අඳින
ස්වර ප්‍රශ්තාර මාල වළලු
පලඳින
උස කෙට්ටු
අලුත් සංගීත මිස්
සත්සරා
ඉස්කෝලෙට අලුත් ස්වරය සත්සරා !
ස්වර හත තුළ
හිඳියි සත්සරා
සංගීතය පතුලේ
පෙනෙයි සත්සරා
වීණාවෙ තත් අතර
හුස්මගයි සත්සරා
තනුවක් වගෙයි
සත්සරා !

ප්‍රේමෙට හදපු ඉස්කෝලේ
ඔබයි පාසල් ගීතේ.
අලුත් පත්වීමෙන්
ඉර අව්ව වහගෙන
මුඩුබිමේ
සංධ්වනි පැලකරන
සත්සරා.
පැලවලට
සංගීත වතුර දාන
සත්සරා.

සත්සරා සත්සරා

සත්සරා
මං උපගුරු ධර්මසේන
අධර්මයට කට්ටිපනින

කුරුටු ගාන්නෙක් වෙම්
සංගීතයේ පතුලටම
ප්‍රේම කරනෙම්
පෙම්කවි නොලීවෙම්
දුටු දුකම ලීවෙම්
(එහෙයින් කොන්වුණෙම්)
පෙම්ගසින් ඇදවැටී
ශ්‍රැතිය අහිමිව තවම හොයනෙම්
මම ඔබට ආලයෙම්

මල්සරා හිනැහුණා
සත්සරා
බිම බලාගෙන ගොළුවුණා

සත්සරා
ප්‍රේමයට සංගීතය වෙන්න
මල්ගහට
මුදුන් මුල වෙන්න
සඳ රැගෙන
පායන්න !

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prema Aradhanawa Song Lyrics - ප්‍රේම ආරාධනාව පද පෙළ Prema Aradhanawa Song Lyrics - ප්‍රේම ආරාධනාව පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2021 Rating: 5

0 comments:

Post a Comment