Your Choice Way

Mathotin Ena Uthuru Sulange Song Lyrics - මාතොටින් එන උතුරු හුළඟේ ගීතයේ පද පෙළ

Mathotin Ena Uthuru Sulange Song Lyrics - මාතොටින් එන උතුරු හුළඟේ ගීතයේ පද පෙළ
Song Title : Mathotin Ena Uthuru Sulange (මාතොටින් එන උතුරු හුළඟේ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : මහින්ද චන්ද්‍රසේකර


මාතොටින් එන උතුරු හුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක් කරන්න ද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පන්තියේ

කර වටේ අත දමා හිනැහුණු කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවි ද සෙනෙහසින්

මන්දිරේ දොර නුඹව කැඳවයි බේබිලා හඬනා හඬින්
මායිමේ වැට හඬ ගසයි හෙට අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්න ද ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක සිත නිවා ගන්නට දුවේ ඩිංගක් හිනැහියන්

මාතොටින් එන උතුරු හුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක් කරන්න ද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පන්තියේ
සරෝජා මගෙ දෝණියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathotin Ena Uthuru Sulange Song Lyrics - මාතොටින් එන උතුරු හුළඟේ ගීතයේ පද පෙළ Mathotin Ena Uthuru Sulange Song Lyrics - මාතොටින් එන උතුරු හුළඟේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, May 06, 2021 Rating: 5

0 comments:

Post a Comment