Mage Sudu Bebandita Song Lyrics - මගෙ සුදු බෑණන්ඩිට ගීතයේ පද පෙළ

Mage Sudu Bebandita Song Lyrics - මගෙ සුදු බෑණන්ඩිට ගීතයේ පද පෙළ
Song Title : Mage Sudu Bebandita (මගෙ සුදු බෑණන්ඩිට)
ගායනය : රෝහණ බැද්දගේ, බන්ධුල විජේවීර
පද : ආචාර්ය රෝහණ බැද්දගේ
තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි
මගෙ බුදු මාමාණ්ඩිට ධම්මං සරණේ සරණයි
මගෙ සුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතිං අපි දෙන්නට
මේ තුන් සරණේ සරණයි

බෑණන්ඩිට එන්න කියල යැවුවා මං පණිවුඩයක්
මාමණ්ඩී ඒ හින්දයි අවේ මං තකහනියක්

කලබල වෙන්න එපා හිත නරක් කර ගන්න එපා
සිද්ද වෙච්ච දේ කියන්නත් මොකක්ද වාගේ
අයියෝ මොන පිස්සුද කියන්න ඕන දෙයක්
කිසි වරදක් නැති මගෙ හිත මට විශ්වාසයි

ගමේ උන්නු හොඳ කොල්ලෙක් අහිමි වෙච්චි එක පාඩුයි
ඒකයි මට කණගාටූ
මාමණ්ඩිත් හොඳ මිනිහෙක් බෝධිසත්වයෙක් වාගෙයි
ඒකයි මට කණගාටූ

මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි
මගෙ බුදු මාමාණ්ඩිට ධම්මං සරණේ සරණයි
මගෙ සුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතිං අපි දෙන්නට
මේ තුන් සරණේ සරණයි

සිදාදියෙන් මෙහි ආ ගිය ගැටයා දන්නවා නේද
අපොයි මොකද මං නොදන්නෙ මිනිහ හරිම හොඳයි නේද

අපි කළ දෙයක් නොවෙයි තරහ ගන්න එපා බෑණො
දෝනියන්ද ඌත් එක්ක පැනල ගිහිල්ලා
අයියෝ සුළු දෙයක්නෙ මමත් බල බලා උන්නෙ
මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා

ආදරයෙන් හදපු එකී ගෙදර උන්නු හොඳම එකී
ඒකයි මට කණගාටූ
ගේ දොර වැඩ නොදත් එකී ගත්තු මිනිහ අමාරුවේ
ඒකයි මට කණගාටූ

මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි
මගෙ බුදු මාමාණ්ඩිට ධම්මං සරණේ සරණයි
මගෙ සුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතිං අපි දෙන්නට
මේ තුන් සරණේ සරණයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Sudu Bebandita Song Lyrics - මගෙ සුදු බෑණන්ඩිට ගීතයේ පද පෙළ Mage Sudu Bebandita Song Lyrics - මගෙ සුදු බෑණන්ඩිට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 06, 2021 Rating: 5

0 comments:

Post a Comment