Jeewana Vila Meda Song Lyrics - ජීවන විල මැද ගීතයේ පද පෙළ

Jeewana Vila Meda Song Lyrics - ජීවන විල මැද ගීතයේ පද පෙළ
Song Title : Jeewana Vila Meda (ජීවන විල මැද)
ගායනය : සුජාතා අත්තනායක
පද රචනය : කරුණාසේන ජයලත්
සංගීතය : එම්. කේ. රොක්සාමි
“මහ රෑ හමුවූ ස්ත්‍රිය(1963)“ චිත්‍රපටයේ ගීතයක්


ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති...//
තී මට තී මට කියමින් බිඟු කැල
ඇය අවටම රඟති...
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති...

ලහිරු රැසින් පිඹිදෙන පියුමින්
රොන් බී මත්වුන බඹරා..
මියුරු හඩින් කී ගී නවතා යයි
පියුමේ හද අඹරා..
නෑ එන පාටක් නෑ එන පාටක්
ලතැවෙයි පියුම අනේ...
ආ මට කෑමක් ආ මට කෑමක්
තවකෙක් බදිති සෙනේ...

ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති...//
තී මට තී මට කියමින් බිඟු කැල
ඇය අවටම රඟති...
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති...

අවරට යන හිරු සවසට බැස යයි
ගුම් නද දැන් නොඇසේ..
රසයට රැවටුනු නෙළුමට හැකිලෙයි
පුන්සද දැක අහසේ
ඒකයි දෛවය නෙළුමේ ඒකද
යුවතියගෙත් දෛවේ..
දාකයි දෙකකයි පමණයි විසිතුර
එය ජීවන මහිමේ...

ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති...//
තී මට තී මට කියමින් බිඟු කැල
ඇය අවටම රඟති...
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jeewana Vila Meda Song Lyrics - ජීවන විල මැද ගීතයේ පද පෙළ Jeewana Vila Meda Song Lyrics - ජීවන විල මැද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2021 Rating: 5

0 comments:

Post a Comment