Mage Mathake Obe Ruwa Song Lyrics - මාගෙ මතකේ ඔබේ රුව ගීතයේ පද පෙළ

Mage Mathake Obe Ruwa Song Lyrics - මාගෙ මතකේ ඔබේ රුව ගීතයේ පද පෙළ
Song Title : Mage Mathake Obe Ruwa (මාගෙ මතකේ ඔබේ රුව)
ගායනය : සුජාතා අත්තනායක, එච්. ආර්. ජෝතිපාල
සංගීතය : ජේ.ඒ. දොඩංවල
ගී පද : ලීලානන්ද ගුණවර්ධන
මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටියෙන්


මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි //

ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි
සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා

මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි

සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා
ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී

මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි //

ඔබ මා හදේ සැරිසරයි ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Mathake Obe Ruwa Song Lyrics - මාගෙ මතකේ ඔබේ රුව ගීතයේ පද පෙළ Mage Mathake Obe Ruwa Song Lyrics - මාගෙ මතකේ ඔබේ රුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2021 Rating: 5

0 comments:

Post a Comment