නහර ගැට ගැසීමේ රෝගය සුව කරන හෙළ වෙදකම් (Hela Wedakam)

නහර ගැට ගැසීමේ රෝගය සුව කරන හෙළ වෙදකම් (Hela Wedakam) - Your Choice Way
⭕ පාද වල නහර ගැට ගැසීම නිසා පීඩා විඳින, වේදනා විඳින රෝගීන්ට සැත්කමකට මුහුණ නොදී හෙළ වෙද ප්‍රතිකර්මයකින් සම්පූර්ණ සුවය ලබන්නට පුළුවන් අගනා බෙහෙත් වට්ටෝරුවක් අපේ පාරම්පරික වෙද පොත්වල සඳහන් වෙනවා.
 
⭕ දෙපාවල නහර ගැට ගැසීම ආයුර්වේදයේ හඳුන්වන්නේ 'ශිරා ගැටිති' යනුවෙන්. රුධිරය ගෙන යන ශිරා නාළිකා වල තෙල් තැන්පත් වීමෙන් මෙම රෝග තත්වය හටගන්නා බවයි අපේ ඉපැරණි වෙද පතපොතෙහි සඳහන් වෙන්නේ. 

⭕ මේ සඳහා ප්‍රතිකාර කරද්දී දෙපා සේදීමට කිසිම විටෙක 'ඇල් වතුර' පාවිච්චි කිරීම සුදුසු වන්නේ නැහැ. මඳ රස්නය ඇති උණු ජලයෙන් තමයි දෙපා සේදිය යුතු වන්නේ.

⭕ මෙම ප්‍රතිකාරය සාදා ගැනීමට නික කොළ මිටක් පමණ ගෙන එය පිරිසිදු කර සිහින්ව ලියා ගන්න. තරමක ඉඟුරු කැබැල්ලක්, සුදු ලූණු බික් කීපයක්, උළු හාල් මිටක්, වංගෙඩියක් හෝ බ්ලෙන්ඩරයක් භාවිතා කර ඉතා සිනිඳු වනතුරු අඹරාගත යුතුයි. එසේ අඹරා ගැනීමේදී ජලය එක් බිඳුවක් හෝ ඊට එක් නොකළ යුතුයි.

⭕ අඹරා ගත් මෙම මිශ්‍රණය මිරිස් ගුලියක් මෙන් හදාගෙන පසෙකින් තබාගන්න. ඊළඟට නැවුම් මුට්ටියක් ගෙන පිරිසිදු හුඹස් මැටි අඬු කෝප්පයක් ගෙන ඊට අඬු කෝප්ප 1,1/2ක් වන පරිදි ජලය එකතුකර හොඳින් මිශ්‍රකර ලිප තබා ගන්න.එය උකු පදමට පැමිණි පසු ලිපෙන් බා, කලින් පිළියෙල කරගත් මිශ්‍රණය ඊට හොඳින් කලවම් කරගන්න. ඉන්පසුව වසා තබන්න.

⭕ ඉන්පසුව රාත්‍රී කාලයේ දී ගැට ගැසුන නහර සහිත දෙපා මද රස්නය ඇති වතුරෙන් සෝදා හොඳින් පිස දමා ගන්න. ඊළඟට පිළියෙල කරගත් ඔසු මිශ්‍රණය ආබාධ සහිත ප්‍රදේශයේ ආලේප කරන්න. එය පැය 12 ක පමණ කාලයක් තිබෙන්නට හරින්න. නිදාගන්නා විට තමන්ගේ සිරුර ඇඳෙහි පවතින උස මට්ටමට වඩා උසකින් දෙපා තබාගන්න. සති 06 ක්, සති 08 ක් අතර කාලයක් මේ ප්‍රතිකාර එක දිගට භාවිතා කරන්න. එම කාල සීමාවේදී ඇල්වතුරෙන් දෙපා තෙමා ගැනීම නොකළ යුතුයි. ස්නානයේ දී මද රස්නය සහිත ජලය භාවිතා කරනවා නම් ඉතා සුදුසුයි.

✅ විශේෂයෙන් මේ කාලය තුළ දී මුං ඇට, මෑ කරල්, වම්බටු ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුමයි. සති 06 ක්, සති 08 ක් අතර කාලයක් ගත වෙද්දී සියලුම වේදනාවන් පහව ගොස් මනා සුවයක් දැනෙනු ඇත.....විශ්මිත හෙළ ඔසු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නහර ගැට ගැසීමේ රෝගය සුව කරන හෙළ වෙදකම් (Hela Wedakam) නහර ගැට ගැසීමේ රෝගය සුව කරන හෙළ වෙදකම් (Hela Wedakam) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2021 Rating: 5

0 comments:

Post a Comment