දුම්බර මිටියාවතේ සැගවුන සුන්දර ගම්මානය - මීමුරේ 🌾🏕️🏞️🏜️🗾⛰️ (Meemure)

දුම්බර මිටියාවතේ සැගවුන සුන්දර ගම්මානය - මීමුරේ 🌾🏕️🏞️🏜️🗾⛰️ (Meemure) - Your Choice Way
මීට වසර කිහිපයකට කලින් මීමුරේ කියන්නේ කොහෙද  කියලා කවුරු හරි ඇහුවොත් ගොඩාක් දෙනා කියන්නේ “සූරිය අරණ ෆිල්ම් එක කරපු ඒරියා එකනේ” කියා බව අපි කවුරුත් දන්නවා 

ඇත්තටම මීමුරේ කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ දුම්බර මිටියාවතේ පිහිටා තිබෙන ලංකාවේ දුශ්කරම හා සුන්දරම ගම්මායක්. හිරිගල් පොත්ත, ගොම්බාපාතිය, නකල්ස්, කොබෝනිල්ල ගල, දොතළු ගල, කළු පහන, ලකේ ගල, ආදි වශයෙන් මේ මීමුරේට ආරක්ෂාව සපයන කඳු රැසක් තියෙනවා.

ගැමි පරිසරයේ අද්දැකිමක් ලබා ගැනිමට මීමුරේ කියන්නේ කදිම ස්ථානයක්. මේ මෑතක් වනතුරුම මීමුරේ තවලම් භාවිතා කලා. පාරම්පරික කුඹුරු තවමත් මීමුරේ තියෙනවා. තවමත් ගවයන් යොදාගෙන තමයි ගොවිතැන් බොහෝදුරට සිදුවන්නේ. තවමත් ගම්මුන් පැල් රකින ආකාරය දැක ගැනීමට පුලුවන්.

මීමුරේ ගැන කියවෙන පුරාවෘත කිහිපයක්ම තියනවා. ඉන් සිත්ගන්නා සුලුම පුරාවෘතය තමයි ලකේ ගල රාවනා රජුගේ නැවතුම්පලක් පැවති බව කියවෙන කතාව. එහි කියවෙන ආකාරයට රාවනා දඩු මොනරයෙන් ගමන් කරන විට නැවතුම්පලක් ලෙස ලකේ ගල බාවිතා කර ඇති බව. මේ පිලිබද පිලිගත හැකි සාක්ෂි නොමති වුවත් ගම් වැසියන් බොහෝ කතා මේ පිළිබදව කියනවා.ඒ වගේම මහනුවර යුගයේ බරපතල වැරදි කරුවන් මරණ දඩුවම වෙනුවට   මීමුරේට පිටුවහල් කල බවද සමහරු පවසනවා. එලෙස පිටුවහල් කල මිනිසුන්ගෙන් මීමුරේ ජනාවාස වූ බවද පැවසෙනවා. ඔයාලත් කැමතිනම් මීමුරේ ට්‍රිප් එකක් යන්න මෝටර් සයිකලෙන් යන එක තමයි හොඳම. සෆෘරි කැබ් එකක්,ත්‍රීවීල් එකක් වුණත් අවුලක් නෑ. හැබැයි ලොකු වාහනයකටනම් ගමන අපහසුයි.

නුවර, හුන්නස්ගිරිය, හරහා මීමුරේට යන පාර තමයි ගොඩක් අය භාවිතා කරන්නේ. නුවර ඉදලා මීමුරේට සම්පූර්න දුර කිලෝ මීටර් 71 යි  මීමුරේට හුන්නස්ගිරියෙ ඉදලා කිලෝ මීටර් 45 ක් තියෙනවා.  හැබැයි පාරනම් ගොඩක් අබලන්. පැය 4 ක් විතර යනවා මීමුරේට යන්න.ලකේ ගල තරණය තමයි මීමුරේ තිබෙන අභියෝගාත්මකම ගමන. ඒ සදහා මග පෙන්වන්නෙකු සිටිම අනිවාර්යයි. මොකද මීට පෙර තනිවම ලකේ ගල තරණයට ගොස් ගොඩක් අය අතරමන් වුනා. කිහිප දෙනෙක් මිය ගිහිල්ලත් තියෙනවා .සාධාරන මුදලකට මගපෙන්වන්නෙකු  ගමෙන් හොයා ගන්න පුලුවන්. කන්ද මුදුනට යන්න පැය හතරක් විතර යනවා. ලකේ ගල කරණය දුෂ්කර වගේම අවදානම් ගමනක් . කන්දේ අන්තිම  ටිකේ බැවුම ගොඩක් වැඩියි. වල් පදුරු අල්ලගෙන තමයි උඩට යන්න තියෙන්නෙ. කන්ද මුදුනටම ගියාම තියන ලස්සන වචන වලින් කියන්න බැරිතරම්. ඒ වගේම රාත්‍රි කාලය ගත කිරීම සදහා නවාතැන් තියෙනවා.  ගමේ ගෙවල් ෙ තමයි දෙන්නෙ. එක රැයකට 5 දෙනෙකුට 3000 ක්, 10 දෙනෙකුට 5000 ක් වගේ වෙනවා. මේ ගාස්තු තැනින් තැනට වෙනස්. එයාල දෙන පහසුකම් වුණත් එහෙමයි, වෙනස් වෙනවා. ඊට අමතරව කැම්පිං සයිඩ්  කිහිපයක්ම තියෙනවා එතන එක් අයෙකුට රු 2000 ක් විතර වෙනවා. ඒකත් හොද අද්දැකීමක්.

සුරිය අරන ෆිල්ම් එකේ තියෙන ගග තියෙන්නෙ ගම්මානයෙන් ටික දුරක් ගියාම. එතනට ගොඩක් සංචාරකයෝ එනවා. එතන ගොඩක් විනෝද වෙන්න පුලුවන් තැනක්. ඒවගේම එතන කන්ෆිඩනස් ජම්පිං කරන්න පුලුවන් තැන් දෙකක් තියනවා. පලවෙනි එක අඩි 20 ක් විතර උසයි පීනන්න පුලුවන් කෙනෙකුට සේෆ්ටි ජැකට් එකක් නැතුව උනත් පනින්න පුලුවන් හැබැයි දෙවනි එක අඩි 50 ක් විතර උසයි. එකටනම් සේෆ්ටි ජැකට් එකක් අනිවාරෙන් ඕන. ඔයාලත් පුලුවන් වෙලාවක මීමුරේට ට්‍රිප් එකක් යන්න. ඒක සුන්දර අද්දැකීමක් වේවි. ඒ වගේම මීමුරේ ස්වභාව සෞන්දර්ය ආරක්ෂා කිරීමට වග බලා ගන්න.

සටහන අයිතිය ® රොෂාන්✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දුම්බර මිටියාවතේ සැගවුන සුන්දර ගම්මානය - මීමුරේ 🌾🏕️🏞️🏜️🗾⛰️ (Meemure) දුම්බර මිටියාවතේ සැගවුන සුන්දර ගම්මානය - මීමුරේ 🌾🏕️🏞️🏜️🗾⛰️ (Meemure) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2021 Rating: 5

0 comments:

Post a Comment