Dutu Da Indala Luhu Benda Song Lyrics - දුටු දා ඉඳලා ලුහුබැන්දා ගීතයේ පද පෙළ

Dutu Da Indala Luhu Benda Song Lyrics - දුටු දා ඉඳලා ලුහුබැන්දා ගීතයේ පද පෙළ
Song Title : Dutu Da Indala Luhu Benda (දුටු දා ඉඳලා ලුහුබැන්දා)
ගායනය : මොහිදීන් බෙග්, ජමුනා රාණී
තනුව : තෙළිඟු තනුවක් ඇසුරින්
පද : කරුණාරත්න අබේසේකර, එස්. දක්ෂිණමූර්ති
චිත්‍රපටිය : ශූරයා (1957)


දුටු දා ඉඳලා ලුහුබැන්දා
දන්නවා ද මම පෙම් බැන්දා

රහසේ බැඳි පෙම් හෙළි වූ දා
පෙම් සැපේට වෙයි දෝ බාධා

බාධක අවහිර හිරිහැර නොමැතී
ආලය රස නැත සීදේවී
බෑ හරවන්නට පෙම් ගඟ නම්

දුටු දා ඉඳලා ලුහුබැන්දා

මට දැන් තනි නෑ මේ ලෝකේ
දෙනු මැන ඔබගේ ආලෝකේ
නොදැනේ ඔබ ළඟ දුක සෝකේ

රහසේ බැඳි පෙම් හෙළි වූ දා

අනගි සුරබිදෙන සිතු දේ සාදන
නැළවේ මධුරිය ඔබ සිටිනා තැන
අද ඉඳලා කිරි ඉතිරේවී

දුටු දා ඉඳලා ලුහුබැන්දා

ඔසවන අඩියක් අඩියක් පාසා
ඔබගේ දියුණුව සැලසේවා
ප්‍රේම ප්‍රදීපය බැබළේවා

රහසේ බැඳි පෙම් හෙළි වූ දා
පෙම් සැපේට වෙයි දෝ බාධා

දුටු දා ඉඳලා ලුහුබැන්දා
දන්නවා ද මම පෙම් බැන්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dutu Da Indala Luhu Benda Song Lyrics - දුටු දා ඉඳලා ලුහුබැන්දා ගීතයේ පද පෙළ Dutu Da Indala Luhu Benda Song Lyrics - දුටු දා ඉඳලා ලුහුබැන්දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 25, 2021 Rating: 5

0 comments:

Post a Comment