Wahinnata Haki Nam Song Lyrics - වහින්නට හැකිනම් ගීතයේ පද පෙළ

Wahinnata Haki Nam Song Lyrics - වහින්නට හැකිනම් ගීතයේ පද පෙළ
Song Title : Wahinnata Haki Nam (වහින්නට හැකිනම්)
ගායනය : විශාරද නන්දා මාලනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : සුනිල් දයානන්ද කෝනාර


වහින්නට හැකි නම් ගිගුම් දී..
වියලි ගම් බිම් වලට ඉහළින්..
ඉදෙන්නට හැකිනම් බතක් වී..
බතක් නොයිදෙන පැළක රහසින්..

රැදෙන්නට හැකිනම් ළමා කැළ..
හඬන දෙතොළඟ සිනාවක් වී..
පිපෙන්නට හැකිනම් තුරින් තුර..
නෙළා ගත හැකි වන මලක් වී..

වහින්නට හැකි නම් ගිගුම් දී..
වියලි ගම් බිම් වලට ඉහළින්..
ඉදෙන්නට හැකිනම් බතක් වී..
බතක් නොයිදෙන පැළක රහසින්..

නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සබෑවන සුභ සිහිනයක් වී..
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පූබුදන ගීතයක් වී..

වහින්නට හැකි නම් ගිගුම් දී..
වියලි ගම් බිම් වලට ඉහළින්..
ඉදෙන්නට හැකිනම් බතක් වී..
බතක් නොයිදෙන පැළක රහසින්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wahinnata Haki Nam Song Lyrics - වහින්නට හැකිනම් ගීතයේ පද පෙළ Wahinnata Haki Nam Song Lyrics - වහින්නට හැකිනම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2021 Rating: 5

0 comments:

Post a Comment