Jesu Swami Daruwane Song Lyrics - ජේසු ස්වාමි දරුවනේ ගීතයේ පද පෙළ

Jesu Swami Daruwane Song Lyrics - ජේසු ස්වාමි දරුවනේ ගීතයේ පද පෙළ
Song Title : Jesu Swami Daruwane (ජේසු ස්වාමි දරුවනේ)
ගායනය : නන්දා මාලනී
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : සුනිල් ආරියරත්න


ජේසු ස්වාමි දරුවනේ
ජේසු ස්වාමි දරුවනේ
දුගී පැලේ දිනා
මෙ ලෝ තලේ දිනූ
ඔබේ දහම් තියේද දැන්
දිව නෙතින් බලන්
ජේසු ස්වාමි දරුවනේ
ජේසු ස්වාමි දරුවනේ

පැල්පතේ හඬද්දි සා දුකින් දුගී ළමෝ
මන්දිරේක සාදයක්ය මිහිරි නත්තලේ
ඒ නොවේය ස්වාමිනී ඔබ දෙසූ දහම්
ගොල්ගොතාව කුරුසකන්ද රතු ලෙයින් තෙමා

ජේසු ස්වාමි දරුවනේ
ජේසු ස්වාමි දරුවනේ

රන් රිදී මැණික් නොවේය ඔබැ සමීපයේ
දළ පිළී විණා දුහුල් නොවී ශරීරයේ
මන්ද මේ විලාසිතා දේව මන්දිරේ
යලි ගලීලයෙන් නැගී මෙ ලෝ තලේ බලන්

ජේසු ස්වාමි දරුවනේ
ජේසු ස්වාමි දරුවනේ
දුගී පැලේ දිනා
මෙ ලෝ තලේ දිනූ
ඔබේ දහම් තියේද දැන්
දිව නෙතින් බලන්
ජේසු ස්වාමි දරුවනේ
ජේසු ස්වාමි දරුවනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jesu Swami Daruwane Song Lyrics - ජේසු ස්වාමි දරුවනේ ගීතයේ පද පෙළ Jesu Swami Daruwane Song Lyrics - ජේසු ස්වාමි දරුවනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2021 Rating: 5

0 comments:

Post a Comment