Kawada Payathda Song Lyrics - කවදා පායත්ද ගීතයේ පද පෙළ

Kawada Payathda Song Lyrics - කවදා පායත්ද ගීතයේ පද පෙළ
Song Title : Kawada Payathda (කවදා පායත්ද)
ගායනය : නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : සරත් දසනායක


කුණ්කුණාවේ හාමුදුරුවන් සිරගතව ඉදිත්දී ලියූ කවියක් ඇසුරිනි..

කවිය -
අනේ කූඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ..
අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ..
රජෙක් ලැබුනෝතින්...කැවුම් කිරිබත් කඤ්ඤං..
පෙරහර කරඤ්ඤං... සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං..

ගීතය -
කවදා පායත්ද අප දිනිසුරාණෝ...
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ...
මුඩු බිමකට සරිලන ජල කඳාණෝ...
සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ...

කවදා පායත්ද අප පුන් සඳාණෝ...
පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ...
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ...
මුසා බසින් අප නොපෙළන රජාණෝ...

කවදා එත්ද අපගේ එක් නෙතාණෝ...
ගිමනට හෙවණ දෙන තුඟුනුග තුරාණෝ...
අප සම බිමක රඳවන සොහොයුරාණෝ...
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawada Payathda Song Lyrics - කවදා පායත්ද ගීතයේ පද පෙළ Kawada Payathda Song Lyrics - කවදා පායත්ද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2021 Rating: 5

0 comments:

Post a Comment