Thawa Tika Kalekin Song Lyrics - තව ටික කාලෙකින් ගීතයේ පද පෙළ

Thawa Tika Kalekin Song Lyrics - තව ටික කාලෙකින් ගීතයේ පද පෙළ
Song Title : Thawa Tika Kalekin (තව ටික කාලෙකින්)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ
මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
කොලොම්පුරේ නුඹේ ගෙදර පහල කාමරේ
මාව තියා ගන්න බැරිද රත්තරන් පුතේ

ලොකු දුවගේ ගෙදරටවී හිටියා බොහො කල්
එහෙ ඉන්නා හැම දෙනාට මාව ලොකු බරක්
මැරෙන්න මොහොතකට කලින් උඹේ ළඟ ටිකක්
තියා ගන්න පුලුවන්නම් පුතේ ලොකු පිනක්

තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ
මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
කොලොම්පුරේ නුඹේ ගෙදර පහල කාමරේ
මාව තියා ගන්න බැරිද රත්තරන් පුතේ

අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද
මං කැවුවම විතරයි පුතු කෑවේ බත් ටික
සංකාව වගෙයි පුතේ ඔයා නොදැක්කම
ගමට එන්න පුතාගෙ සුදු මූන බලන්න

තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ
මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
කොලොම්පුරේ නුඹේ ගෙදර පහල කාමරේ
මාව තියා ගන්න බැරිද රත්තරන් පුතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thawa Tika Kalekin Song Lyrics - තව ටික කාලෙකින් ගීතයේ පද පෙළ Thawa Tika Kalekin Song Lyrics - තව ටික කාලෙකින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2021 Rating: 5

0 comments:

Post a Comment