Sudu Rala Gal Kula Matha Song Lyrics - සුදු රල ගල් කුල මත ගීතයේ පද පෙළ

Sudu Rala Gal Kula Matha Song Lyrics - සුදු රල ගල් කුල මත ගීතයේ පද පෙළ
Song Title : Sudu Rala Gal Kula Matha (සුදු රල ගල් කුල මත)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


සුදු රල ගල් කුල මත හැපී හැපී පෙම් බැන්ද
සවසක අප සයුරු තෙරක සිහිලස වින්ද
මතකය සිහිනෙක යලි කිසි දිනෙක නොවින්ද
ජීවිතයට මට අමතක නොවෙයි කිරින්ද
නොවෙයි කිරින්ද …

මාගම් පුර වන්දනාවේ කොලොම්පුරේ සිට
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක
මාගම් පුර වන්දනාවේ කොලොම්පුරේ සිට
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක
අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක
වාඩිවෙලා ඔබ සිටිද්දී ගල් තලාව උඩ

සුදු රල ගල් කුල මත හැපී හැපී පෙම් බැන්ද
සවසක අප සයුරු තෙරක සිහිලස වින්ද
මතකය සිහිනෙක යලි කිසි දිනෙක නොවින්ද
ජීවිතයට මට අමතක නොවෙයි කිරින්ද
නොවෙයි කිරින්ද …

එක දවසක එක සවසක සැගවී ගිය ඔබ
ඊට පසුව හමුඋනේ නෑ කවදාවත් මට
එක දවසක එක සවසක සැගවී ගිය ඔබ
ඊට පසුව හමුඋනේ නෑ කවදාවත් මට
මම නොදනිමි ඔබ කොහෙද කාගේ කවුරුද
යලි නිරතුරු ඔබ දකින්න එන්නයි මගේ සිත
කිරින්දේ එනවද….

සුදු රල ගල් කුල මත හැපී හැපී පෙම් බැන්ද
සවසක අප සයුරු තෙරක සිහිලස වින්ද
මතකය සිහිනෙක යලි කිසි දිනෙක නොවින්ද
ජීවිතයට මට අමතක නොවෙයි කිරින්ද
නොවෙයි කිරින්ද …

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Rala Gal Kula Matha Song Lyrics - සුදු රල ගල් කුල මත ගීතයේ පද පෙළ Sudu Rala Gal Kula Matha Song Lyrics - සුදු රල ගල් කුල මත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2021 Rating: 5

0 comments:

Post a Comment