Thanuwa Ahimi Song Lyrics - තනුව අහිමි ගීතයේ පද පෙළ

Thanuwa Ahimi Song Lyrics - තනුව අහිමි ගීතයේ පද පෙළ
Song Title : Thanuwa Ahimi (තනුව අහිමි)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු ගීතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ

මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා
නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සිතා
මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා
නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සිතා
වියළි දෙතොල් පට උණු කඳුළකින් තෙම තෙමා
තනුව අහිමි පෙම් කවියට කියමි නෙතු හෙලා
කියමි නෙතු සලා… කියමි නෙතු සලා

තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු ගීතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ

පුරුදු සුවඳ ආවත් මං යනෙන මඟ දිගේ
අන්සතු මල් නෙළන්න බෑ කවි සිතට මගේ
පුරුදු සුවඳ ආවත් මං යනෙන මඟ දිගේ
අන්සතු මල් නෙළන්න බෑ කවි සිතට මගේ
හිත අඳුර අරන් ආවත් දුක හිතෙන හීනයේ
කොපුල් තලා මත සුවඳයි දුන්නු හාදුවේ
දුන්නු හාදුවේ… දුන්නු හාදුවේ

තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු ගීතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thanuwa Ahimi Song Lyrics - තනුව අහිමි ගීතයේ පද පෙළ Thanuwa Ahimi Song Lyrics - තනුව අහිමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment