වීපින් ක්‍රීම් හදමු (Whipping Cream) 🥣🥣👌

වීපින් ක්‍රීම් හදමු (Whipping Cream) 🥣🥣👌 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • Fresh milk කෝප්ප 01
  • සීනි මේස හැඳි 02
  • ජෙලටීන් ග්‍රෑම් 10 ක්
  • කෝන් පිටි (Cornflour) මේස හැඳි 1 1/2 ක්
  • වතුර කෝප්ප කාලක් (1/4) 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම නන්ස්ටික් භාජනයක් අරන් ඒකට වතුර කෝප්ප කාල දාල රත් කන්න.වතුර ටික රත්වීගෙන එද්දි ඒකට ජෙලටීන් ටික දාල හොඳින් දිය වනතුරු කවලම් කරන්න.(හැබැයි ගින්දර වැඩි කර ගන්න එපා)
  2. ♦️ ඊට පසු බෝල් එකක් අරන් ඒකට කිරි ටික දා ගන්න.ඒකට සීනි මේස හැඳි 2 එකතු කර හොඳින් දිය කරන්න.දැන් ඒකට කෝන් පිටි ස්වල්පයක් එකතු කර හොඳට දිය කරන්න.
  3. ♦️ දැන් ඒකට අපි හදාගත් ජෙලටීන් එක එකතු කරල හොඳට දිය කරන්න.(ජෙලටීන් එක හොඳටම නිවෙන්න ඕන නැහැ)
  4. ♦️ දැන් මේ බෝල් එක හොඳින් වහල (සීල් කරල) හරියටම පැයක් ශීතකරණයේ තියන්න (ශීතකරණයේ යට කොටසේ තියන්න)
  5. ♦️ පැයකින් පස්සෙ ඔබට බලා ගන්න පුළුවන් අපේ මිශ්‍රණය ටිකක් ටික් වෙලා වගේ.දන් හොඳට කවලම් කරන්න.
  6. ♦️ දැන් ඉතින් පදම එනකන් බීට් කරන්න විතරයි තියෙන්නෙ.(විනාඩි 15 ක් වගේ යද්දි හරි)🔴🔴 මතක තියා ගන්න. ඕනවට වඩා නම් බීට් කරන්න එපා.(Over beat) එහෙම උනොත් වීපින් ක්‍රීම් එක ආයෙම දිය වෙන්න බලනවා.
🔴🔴 හරිම පහසුයි ලේසියි නේද?ඒ වගේද කීයක් ඉතුරුයි ද?අම්මෝ කඩෙන් වීපින් ක්‍රීම් ගන්න ගියොත් අපි විකිණෙනව.මම නම් වීපින් ක්‍රීම්,මිල්ක්මේඩ්,බටර් සේරම හදා ගන්නවා.(මිල්ක්මේඩ් රෙසිපි එක දාල ඇති)

🔴🔴 ඊලඟට තියන ප්‍රශ්නය කොච්චර දවසක් තියා ගන්න පුළුවන්ද කියලනේ.. මේකයි මම නම් අවශ්‍ය වේලාවට තමයි හදා ගන්නේ.

🔴🔴 ඒ වගේම කියන්න ඕන වීපින් ක්‍රීම් හදන තව ක්‍රම ගොඩාක් තියනවා.මම මේ දැම්මෙ එකක් විතරයි.(මේ මට ඕන උනාම භාවිතා කරන ක්‍රමය 😃)

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
වීපින් ක්‍රීම් හදමු (Whipping Cream) 🥣🥣👌 - Your Choice Way

වීපින් ක්‍රීම් හදමු (Whipping Cream) 🥣🥣👌 - Your Choice Way

වීපින් ක්‍රීම් හදමු (Whipping Cream) 🥣🥣👌 - Your Choice Way

වීපින් ක්‍රීම් හදමු (Whipping Cream) 🥣🥣👌 - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වීපින් ක්‍රීම් හදමු (Whipping Cream) 🥣🥣👌 වීපින් ක්‍රීම් හදමු (Whipping Cream) 🥣🥣👌 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2022 Rating: 5

0 comments:

Post a Comment