Thissa Wawe Iwura Langata Song Lyrics - තිස්ස වැවේ ඉවුර ළඟට ගීතයේ පද පෙළ

Thissa Wawe Iwura Langata Song Lyrics - තිස්ස වැවේ ඉවුර ළඟට ගීතයේ පද පෙළ
Song Title : Thissa Wawe Iwura Langata (තිස්ස වැවේ ඉවුර ළඟට)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


තිස්ස වැවේ ඉවුර ළඟට සිදාදියෙන් සඳක් ඇවිත්
උකුළු මුකුළු හිනා හඬින් වැව් දියවර පිනා ගිහින්
කවදාවත් නෙත නොගැටුණු සිදාදියේ අරුම සඳක්
මටත් හිතක් පහල වුනා අමතක වී දුප්පත්කම්

හිස තැවරූ අමුතු පුසුඹ හිත කුල්මත් වෙලා ගියා
ගත තැවරූ සබන් බුබුළු මට වැඩියෙන් පින් කරලා
හිස තැවරූ අමුතු පුසුඹ හිත කුල්මත් වෙලා ගියා
ගත තැවරූ සබන් බුබුළු මට වැඩියෙන් පින් කරලා
කොරළි පැටව් රංචු පිටින් වීසි දැලෙන් පැනලා ගියා
ඈ දෙස මා නෙත් යොමාන ඔරු කඳ ඈතටම ගියා

දියකැට පහනට ඉහලින් පෙම් දියවර උස්ව ගියා
මගෙ රුව ඈ නෙත ගැටුනත් සමච්ච්ලෙන් හිනා වුනා
දියකැට පහනට ඉහලින් පෙම් දියවර උස්ව ගියා
මගෙ රුව ඈ නෙත ගැටුනත් සමච්ච්ලෙන් හිනා වුනා
ඉරුණු සරමෙ හිල් වැහෙන්න දෙපොට දමා ඇඳ ගත්තා
හිතේ වැවුනු සොඳුරු හැඟුම් සොරොව් කටින් එපිට ගියා

තිස්ස වැවේ ඉවුර ළඟට සිදාදියෙන් සඳක් ඇවිත්
උකුළු මුකුළු හිනා හඬින් වැව් දියවර පිනා ගිහින්
කවදාවත් නෙත නොගැටුණු සිදාදියේ අරුම සඳක්
මටත් හිතක් පහල වුනා අමතක වී දුප්පත්කම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thissa Wawe Iwura Langata Song Lyrics - තිස්ස වැවේ ඉවුර ළඟට ගීතයේ පද පෙළ Thissa Wawe Iwura Langata Song Lyrics - තිස්ස වැවේ ඉවුර ළඟට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment