Swarna Vimaneta Song Lyrics - ස්වර්ණ විමානෙට ගීතයේ පද පෙළ

Swarna Vimaneta Song Lyrics - ස්වර්ණ විමානෙට ගීතයේ පද පෙළ
Song Title : Swarna Vimaneta (ස්වර්ණ විමානෙට)
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
තනුව : ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද : මඩවල එස්.රත්නායක
“ගැටවරයෝ“ චිත්‍රපටයේ ගීතයක්


ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්..
ඔරුවට ගොඩවී මා එනවා..
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට
නළ රැලි මත නැඟිලා එනවා....//

වැල්ලේ පාවී වැල්ලේ බිහිවන
සංගීතෙන් අප හමුවෙනවා...//
සැන්දෑ යාමේ පෙම් රස කළතා
සැන්දෑ යාමේ පෙම් රස කළතා
සාගර ජල කඳ නැලැවෙනවා....

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්..
ඔරුවට ගොඩවී මා එනවා..
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට
නළ රැලි මත නැඟිලා එනවා....//

මුතු බෙලි කටුකිලි කවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී මා එනවා...//
මගේ අනාගත පැතුම් විමානෙට
මගේ අනාගත පැතුම් විමානෙට
සෙනෙහස පොදි බැද ගෙන එනවා....

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්..
ඔරුවට ගොඩවී මා එනවා..
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට
නළ රැලි මත නැඟිලා එනවා...
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Swarna Vimaneta Song Lyrics - ස්වර්ණ විමානෙට ගීතයේ පද පෙළ Swarna Vimaneta Song Lyrics - ස්වර්ණ විමානෙට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2021 Rating: 5

0 comments:

Post a Comment