Palu Anduru Nil Ahasa Mamai Song Lyrics - පාලු අඳුරු නිල් අහස මමයි ගීතයේ පද පෙළ

Palu Anduru Nil Ahasa Mamai Song Lyrics - පාලු අඳුරු නිල් අහස මමයි ගීතයේ පද පෙළ
Song Title : Palu Anduru Nil Ahasa Mamai (පාලු අඳුරු නිල් අහස මමයි)
ගායනය : ඩබ්.ඩී. අමරදේව
සංගීතය : ඩබ්.ඩී. අමරදේව
ගී පද : මහගමසේකර


පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි
පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

අසාර වූ මහ පොළොව මමයි
ගලා බසින දිය දහර ඇයයි //
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි

පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

කැළෑව මැද ක‍ටු පඳුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි //
යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි

පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Palu Anduru Nil Ahasa Mamai Song Lyrics - පාලු අඳුරු නිල් අහස මමයි ගීතයේ පද පෙළ Palu Anduru Nil Ahasa Mamai Song Lyrics - පාලු අඳුරු නිල් අහස මමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2021 Rating: 5

0 comments:

Post a Comment