Kale Pipunu Malak Wilasa Song Lyrics - කැළේ පිපුණු මලක් විලස ගීතයේ පද පෙළ

Kale Pipunu Malak Wilasa Song Lyrics - කැළේ පිපුණු මලක් විලස ගීතයේ පද පෙළ
Song Title : Kale Pipunu Malak Wilasa (කැළේ පිපුණු මලක් විලස)
ගායනය : ඩබ්.ඩී. අමරදේව
සංගීතය : ඩබ්.ඩී. අමරදේව
ගී පද : මොනිකා රුවන්පතිරණ


කැළේ පිපුණු මලක් විලස
ඇගෙ රූ සිරි දිලෙනා
ඇලේ දොලේ පෙන පිඬු ඇගෙ
සිනා වතින් සැලෙනා

කැලේ එපිට ඈත රටක
ගව් සිය ගව් දුරිනා
සිදාදියෙන් එ මල සොයා
කවුදෝ එනු ඇසෙනා

සිදාදියේ මන්දිරයක
සඟවාලන ලෙසිනා
දෑස වසා ඇය ගෙන යන
රහස් කතා ඇසෙනා

කැළේ පිපුණු මලක් විලස
ඇගෙ රූ සිරි දිලෙනා
ඇලේ දොලේ පෙන පිඬු ඇගෙ
සිනා වතින් සැලෙනා

සිදාදියේ මන්දිරයක
බැල මෙහෙවර කරනා
අනාගතය සිහිවී ඇගෙ
නෙත කඳුලැලි සැලෙනා

හදේ නැගෙන ගිණි දැල්ලක්
ඇගෙ රන් බඳ වෙලෙනා
කැළේ පිපුණු සොඳුරු මලට
නැතිදෝ රැකවරණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kale Pipunu Malak Wilasa Song Lyrics - කැළේ පිපුණු මලක් විලස ගීතයේ පද පෙළ Kale Pipunu Malak Wilasa Song Lyrics - කැළේ පිපුණු මලක් විලස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2021 Rating: 5

0 comments:

Post a Comment