Sundara Duma Duma Na Song Lyrics - සුන්දර දුම දුම නා ගීතයේ පද පෙළ

Sundara Duma Duma Na Song Lyrics - සුන්දර දුම දුම නා ගීතයේ පද පෙළ
Song Title : Sundara Duma Duma Na (සුන්දර දුම දුම නා)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවි
පෙම්බර නුමුණකුලට පෙම් කවි ගොතනා
නුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනා
නුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනා

පුන්සඳ මුණේ එළිය ගෙන සඟවා
චන්දන අරටු වනේ සිසිලස රැගෙනා
ඉමිහිරි බෙලි මල් රස පැන් ඔසු දෙවනා
හිත නලව ගන්න එන පිරිසට
හිත නලව ගන්න එන පිරිසට
මිහිරිම කවි පද කියනා
නුඹදෝ සොබා දෙව්ලී ගහ කොළ මල් ඵල මවනා
නුඹදෝ සොබා දෙව්ලී ගහ කොළ මල් ඵල මවනා

කිරි සුදු බදුලු ඔයෙන් හසරැලි ගේනා
මීහිදුම් සළුවෙන් හිස ඔලි එලි බඳිනා
දහඩිය මුතුමල් ඉහිරුණු බිම වඳිනා
වට වන්දනාවේ එන නඩේට
වට වන්දනාවේ එන නඩේට
සියපත් ඔබ හාද වුණා
නුඹදෝ සුරලිය මුතියංගණ ගුණ වඳනා
නුඹදෝ සුරලිය මුතියංගණ ගුණ වඳනා

සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවි
පෙම්බර නුමුණකුලට පෙම් කවි ගොතනා
නුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනා
නුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sundara Duma Duma Na Song Lyrics - සුන්දර දුම දුම නා ගීතයේ පද පෙළ Sundara Duma Duma Na Song Lyrics - සුන්දර දුම දුම නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2021 Rating: 5

0 comments:

Post a Comment