Sudu Sandun Malaka Song Lyrics - සුදු සඳුන් මලක ගීතයේ පද පෙළ

Sudu Sandun Malaka Song Lyrics - සුදු සඳුන් මලක ගීතයේ පද පෙළ
Song Title : Sudu Sandun Malaka (සුදු සඳුන් මලක)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


සුදු සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවා
මට කදුළු දිදී නුඹෙ සුවඳට තව ලං වෙනවා
ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා
ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා

සඳුන් සුවඳ තවරාගෙන ඔය වත කමලේ
ලැසි ගමන් ලතාවෙන් ආවා හැම හැන්දෑවේ
අපි අනන්තයට යන්න නොවේ පාරමි පිරුවේ
ඔබ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කිවේ

සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවා
මට කදුළු දිදී නුඹෙ සුවඳට තව ලං වෙනවා
ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා
ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා

රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී
ඒ වේදනාව සතුටක් ලෙස අද විඳින්නෙමී
ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමී
අද සඳුන් මලක සුවද මගේ තනි රකින්නෙමී

සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවා
මට කදුළු දිදී නුඹෙ සුවඳට තව ලං වෙනවා
ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා
ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Sandun Malaka Song Lyrics - සුදු සඳුන් මලක ගීතයේ පද පෙළ Sudu Sandun Malaka Song Lyrics - සුදු සඳුන් මලක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2021 Rating: 5

0 comments:

Post a Comment