Pem Seetha Loke Maya Song Lyrics - පෙම් සීන ලෝකේ මායා ගීතයේ පද පෙළ

Pem Seetha Loke Maya Song Lyrics - පෙම් සීන ලෝකේ මායා ගීතයේ පද පෙළ
Song Title : Pem Seetha Loke Maya (පෙම් සීන ලෝකේ මායා)
ගායනය : මොහිදීන් බෙග්, රුක්මණි දේවි
ගී පද : ඒ.ජේ. ද සොයිසා
සංගීතය : ආර්. ඒ. චන්ද්‍රසේන
චිත්‍රපටිය : මතභේදය (1955) හින්දි තනුවකි


පෙම් සීන ලෝකේ මායා සංසාරයේහි පාවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ

දෙදෙනාගේ ආලය පාන සේමා බැබළේවා ලෝකේ
සේමා බැබළේවා ලෝකේ
ආකාසේ පොළොවේ හා ජලේ මේ ප්‍රීති ගීත පාවේ

සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ

සන්ධ්‍යාවේ පරවන මලකී මේ ජීවිතේ දඟකාරී
ඇයි ප්‍රේමේ නොතකා ඉන්නේ මේ ශේෂ වූ වෙලාවේ
මේ ශේෂ වූ වෙලාවේ

සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ

භවයේ සරනා හැම ආත්මෙ දෙදෙනා පණ සේ වාසේ වී
දෙදෙනා පණ සේ වාසේ වී
කිසි දා දුක ශෝක නොවෙමින ලැබෙවාය ප්‍රීතිභාවේ

සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Seetha Loke Maya Song Lyrics - පෙම් සීන ලෝකේ මායා ගීතයේ පද පෙළ Pem Seetha Loke Maya Song Lyrics - පෙම් සීන ලෝකේ මායා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2021 Rating: 5

0 comments:

Post a Comment