Nihadayi Gammanaya Sundarayi Song Lyrics - නිහඬයි ගම්මානය සුන්දරයි ගීතයේ පද පෙළ

Nihadayi Gammanaya Sundarayi Song Lyrics - නිහඬයි ගම්මානය සුන්දරයි ගීතයේ පද පෙළ
Song Title : Nihadayi Gammanaya Sundarayi (නිහඬයි ගම්මානය සුන්දරයි)
ගායනය : ලතා වල්පොල සමග එච්.ආර්. ජෝතිපාල ඇතුළු පිරිස
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : ස්වතන්ත්‍ර නිර්මාණයක් ද යන්න තහවුරු කර ගත නොහේ
සංගීත අධ්‍යක්ෂණය : ආර්. මුත්තුසාමි
1961 දී තිරගතවූ "සිවිනීත ලාලනී" චිත්‍රපටියේ ගීයකි


ආ හා හහ් ජහ්ක් ජහ්ක් ජහ්ක්

නිහඬයි ගම්මානය සුන්දරයි
මධුරයි රමණීයයි මන පිනයි .....//

ගොයමයි දොළ පහරයි කඳු පෙළයි
නගුලයි ගොවි රාළයි රජ කරයි ....//

ගැමියා රජ කිරුළට හිමිකරුයි //
(ඉඉ ඊඊ... ඉඉ ඊඊ... )
නිදහස අපට තියේ
ගොවියා නිරිඳු දැයේ
ගමටම ලොකු ලොක්කන් අපි තමයි

නිහඬයි ගම්මානය සුන්දරයි
මධුරයි රමණීයයි මන පිනයි

ජර බර දඩ බඩ ගොර හඬ දේ
අප්පගෙ මුත්තගෙ පාර ද මේ ...//
කරත්ත කබලක මොකද වදේ
නොගියොත් අයිනෙන් වැඩ වැරදේ

කවටකම් හරි නෑ මහ පාරේ
අයින හොඳ නෑ ළඳේ
(හ හහහ හා..) ....//

සුළඟ කන කන
තෙල් බී දිව යන
කාර් එක නම් හිස රදේ
(හ හහ හහ හා..) ...//

අලස ගොන් දෙන්නෙකි පෙරමුණේ
කොරෙකි උන් දක්කාගෙන යන්නේ
ජර මර දඩ බඩ මර හඬ නඟා

කරත්තයෙන් යන මිනිසුන් මෝඩයි
ගොඩයො මඩේම ඉන්නට සූරයි
කරත්තයෙන් යන මිනිසුන් මෝඩයි
ගොඩයො මඩේම ඉන්නට සූරයි

කබල් කාරෙක කැඩුණොත් මළා //
ගොඩේ අය හට නොවෙමු මුලා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nihadayi Gammanaya Sundarayi Song Lyrics - නිහඬයි ගම්මානය සුන්දරයි ගීතයේ පද පෙළ Nihadayi Gammanaya Sundarayi Song Lyrics - නිහඬයි ගම්මානය සුන්දරයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2021 Rating: 5

0 comments:

Post a Comment