Meedumak Wela Ethenna Ma Wate Song Lyrics - මීදුමක් වෙලා එතෙන්න මා වටේ ගීතයේ පද පෙළ

Meedumak Wela Ethenna Ma Wate Song Lyrics - මීදුමක් වෙලා එතෙන්න මා වටේ ගීතයේ පද පෙළ
Song Title : Meedumak Wela Ethenna Ma Wate (මීදුමක් වෙලා එතෙන්න මා වටේ)
Singing : Ajith Perera (අජිත් පෙරේරා මහත්මා)
තනුව : Ajith Perera (අජිත් පෙරේරා මහත්මා)
පද : හේමසිරි හල්පිට මහත්මා


මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ
මා ගමෙන් ඇවිත් හිඳිද්දී මේ නවාතැනේ
ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ

සේද මීදුමේ ඈත කන්ද පාමුලේ
පෙම්වතුන්ගේ පාළු පාරේ පා නගා ගියේ
සිහිවේද මතකේ අපේ
මට වාගේ ඔබටත් ළඳේ

මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ
මා ගමෙන් ඇවිත් හිඳිද්දී මේ නවාතැනේ
ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ

දෑත ගෙන ඔබේ ආයෙමත් අපෙ ලොවේ
ළංව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ
පණ වාගේ මගේ ආදරේ
සුරකින්නේ මා නම් ළඳේ

මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ
මා ගමෙන් ඇවිත් හිඳිද්දී මේ නවාතැනේ
ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Meedumak Wela Ethenna Ma Wate Song Lyrics - මීදුමක් වෙලා එතෙන්න මා වටේ ගීතයේ පද පෙළ Meedumak Wela Ethenna Ma Wate Song Lyrics - මීදුමක් වෙලා එතෙන්න මා වටේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2021 Rating: 5

0 comments:

Post a Comment