Mandasmathika Premaya Song Lyrics - මන්දස්මිතික ප්‍රේමය ගීතයේ පද පෙළ

Mandasmathika Premaya Song Lyrics - මන්දස්මිතික ප්‍රේමය ගීතයේ පද පෙළ
Song Title : Mandasmathika Premaya (මන්දස්මිතික ප්‍රේමය)
Artist : Vindula Attygala ft. Tharindu Damsara
Lyrics : Nayomi Sakunika
Melody & music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala
Motion video : Chameera J Hettiarachchi 
Guitar Arr  : Kavin Harshana
Saxophone : Geeth Peramuna 


සොඳුර එහෙනම්
ඉතින් නුඹ නික්මෙන්න
මට ඕනේ මං එක්ක
මොහොතකට තනිවෙන්න හවසක

මැදියමේ මධුවිත හලා හදම අවුලා නුඹේ
නග්න ගිනි සිලු වලින් ඉතිං මං සැනසෙමි
හිමි අහිමි කොයිවෙතත් ප්‍රේමයේ සෘතුවේ
සීරුවෙන් තබා යමි මල් වඩම් පූරුවේ

සිනා පමණක් තබා අගුළුලා හද කුටියේ
වේදනා මුහු කරමි රැඳී දුමක දෙතොලතරේ
හිමි අහිමි කොයි වෙතත් ප්‍රේමයේ සෘතුවේ
මල්වඩම් ගිණි තබා නුඹ තියමි පෝරුවේ

හිමි අහිමි කොයි වෙතත් ප්‍රේමයේ සෘතුවේ
මල්වඩම් ගිණි තබා නුඹ තියමි පෝරුවේ” මෙන්න මේ වචන ටික
මේ ලියමන හමාර වෙන්න ඕන මෙහෙම
මල්වඩම් ගිණිතබා නුඹ තියමි පෝරුවේ

ඉල්ලීමක් කියන්නෙම ජිවිතේ කොයිතරම් හුවමාරු වෙනවද කියන එක සම්බන්ධයෙන් අපිට දැනවෙන ඉඟියක් . ඒකට ලඟින් නෑ කියලා තෙරෙද්දී තමන්ගෙන් හරි අඩක් හිස් වගේ දැනෙන හැම සබඳකමක්ම අයිතියි . මිනිස්සු ඉල්ලීම් කරන්නේ එහෙම තැන් වලින් විතරයි . අණ කිරීමක සහ ඉල්ලීමක වෙනස දැනෙන්න ගන්නේ එතනින් . ඇත්තටම ඉල්ලීමක් කියන්නේ තමන්ගේ උවමනාවක් අනෙකාගේ අයිතිය තුළින් උරගා බැලීමකට . මේ අකුරු උඩින්ම තියෙන්නේ නුපුරුදු වුනත් ඒ වගේ විශ්මය දනවන ඉල්ලීමක් . 

''සොඳුර එහෙනම් 
  ඉතින් නුඹ නික්මෙන්න 
  මට ඕනේ මං එක්ක 
  මොහොතකට තනිවෙන්න 
  හවසක''

සොඳුර කියන අමන්තරණය ඇතුළේ සුන්දරත්වය ගැන හරි අපූරු කතන්දර තියෙනවා . සොඳුර කියන ආමන්ත්‍රණය අතහැරුණ බොහෝ තැන්වල වියෝගය සම්බන්ධ විලාප තියෙනවා . ඒ තරම් සුන්දර ආමන්ත්‍රණයකින් මේ කරන ඉල්ලීම වෙනස් . ඉතින් එහෙනම් සොඳුර නුඹ නික්මෙන්න . මේක ඉතාම ප්‍රශ්නකාරී තත්වයක් . සොඳුර කියන්නේ සුන්දරත්වයේ දිඟුවක් නම් . එහෙවු සුන්දරත්වය ''නික්මෙන්න'' යැයි ප්‍රතික්ෂේප කිරීම ම ප්‍රශ්නයක් . ''නොගොසින් නැවත ආ නොහැක '' හිත හදාගන්න පුළුවන් එක තැනක් . මේ ඉල්ලීම වගේම උවමනාවත් වෙනස් . සුන්දරත්වය ප්‍රතික්ෂේප කරන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි . තමා ට තමා තුළ හුදෙකලා වීමට අවැසි නිසා . ''මට ඕනේ මන් එක්ක මොහොතකට තනිවෙන්න'' ප්‍රේමය කියන්නේ සියදිවි නසාගැනීමකට ඉතාම සමාන දෙයක් කියන්නේ ඒකයි . ඒක තමාට තමාව අහිමි කරන මොකක්දෝ තත්වයක් . සොඳුර නුඹ නික්මිය යුතුයි මට මා තුළ මොහොතක් තනිවීමට . ඕනෑම භාජනයක් පිරෙන්න පුරවන ජලය මනින්න ක්‍රමවේදයක් වගේම මිනුම් ඒකකයක් තියෙනවා .  තව කෙනෙක්ගෙන් තමන්ගේ ජිවිතේ පිරෙන හිඩැස හිස්කම මනින්නේ කොහොමද මොන එකකෙන්ද ?

කොයි තරම් අමාරු උනත් ඒක දැනගන්න නම් ඒක වින්දින්නම වෙනවා . මං හිතන්නේ මේ ඉල්ලීම ඇතුළේ තියෙන්නේ ඒ කාරණාව . එහෙම නික්මෙන මොහොතක් ඇති කවුරු හරි තමන්ගේ ජිවිතේ හිටිය තැන . වටිනාකම සහ බර තේරුම් ගන්න . මේ නික්මෙන්න  කියන්නෙත් "හවසක" හවසක් කියන්නෙම ඕනෑම දෙයක් මාරාන්තික ප්‍රවේශයකින් දැනෙන හෝරා කිහිපයකයට 

'' මැදියමේ මධුවිත හලා හදම අවුලා නුඹේ 
නග්න ගිනි සිලු වලින් ඉතිං මං සැනසෙමි 
හිමි අහිමි කොයිවෙතත් ප්‍රේමයේ සෘතුවේ 
සීරුවෙන් තබා යමි මල් වඩම් පූරුවේ '' 

මැදියම කියන්නෙම හුදෙකලා මධුවිතක් ඒ පාළුවෙන් මත් වෙන්න ලේසියි . ඒ හුදෙකලාවෙන් නුඹ මත්වෙන මොහොතේ මා නග්න ගිනි සිලු වලින්  නිවී සැනහෙන්නේ ඉබේටම . මේ ප්‍රේමයේ ඉසියුම්ම තත්වයක් . ඒ සියුම් සියළු දේ අමතක කරවන්නේ 
"හිමි අහිමි කොයිවෙතත් ප්‍රේමයේ සෘතුවේ 
 සීරුවෙන් තබා යමි මල් වඩම් පූරුවේ" ජිව්තේ ගතවුණ ගෙවුන හැම තත්පරයක්ම ගැනම ආපහු හැරිලා බැලුවොත් ඒ හැමතැනකම සැලසුම් සහගතයි වගේ දැනෙන අහම්බයන් බොහෝමයක් තියෙනවා . ඒ අතීතයේ ඇලෙමින් ගැලෙමින් හැමදාම ඉන්න මිනිස්සුන්ට අමාරුයි . මේ කියන්නෙත් ඒ කතාව "සීරුවෙන් තබා යමි මල්වඩම් පූරුවේ" එවැනි දෑ පසෙකලා අපිට හුවමාරු කරගන්න බෙදා ගන්න බොහෝ දේ තාමත් ඉතිරිව තියෙනවා

'' සිනා පමණක් තබා අගුළුලා හද කුටියේ 
වේදනා මුහු කරමි රැඳී දුමක දෙතොලතරේ 
හිමි අහිමි කොයි වෙතත් ප්‍රේමයේ සෘතුවේ 
මල්වඩම් ගිණි තබා නුඹ තියමි පෝරුවේ ''

සිනාවන් පමණක් ම හදවතේ සිරකරගෙන වේදනාවන් දෙතොලතරේ දියකරන්න පුළුවන් අසීමිත ප්‍රේමයකට විතරයි . හේතුව . වේදනාවක දැනෙන දනවන ප්‍රවේශය සිනහවකට වඩා ප්‍රබලයි . එතරම්ම ප්‍රබල හැඟීම් සියල්ල දියකර කිසිවක් ම සිඳුනොවුනා සේ කරන්නාවූ පරිත්‍යාගය ඔප්පුකරන්නේ

"හිමි අහිමි කොයි වෙතත් ප්‍රේමයේ සෘතුවේ 
මල්වඩම් ගිණි තබා නුඹ තියමි පෝරුවේ" මෙන්න මේ වචන ටික 

මේ ලියමන හමාර වෙන්න ඕන මෙහෙම 

මල්වඩම් ගිණිතබා නුඹ තියමි පෝරුවේ !

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mandasmathika Premaya Song Lyrics - මන්දස්මිතික ප්‍රේමය ගීතයේ පද පෙළ Mandasmathika Premaya Song Lyrics - මන්දස්මිතික ප්‍රේමය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 28, 2021 Rating: 5

0 comments:

Post a Comment