Mage Heenaye Song Lyrics - මගෙ හීනයෙ ගීතයේ පද පෙළ

Mage Heenaye Song Lyrics - මගෙ හීනයෙ ගීතයේ පද පෙළ
Song Title : Mage Heenaye (මගෙ හීනයෙ)
ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ
පද රචනය : කසුන් ප්‍රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ


මගෙ හීනයෙ ලඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවේදෝ

ආදරේ මට නම් - ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් - ඇයි කඳුළු මෙතරම්

නෙතු මුතු කැට වැටෙන තරම්..
හිත මත ‍දඟ කෙරුව තරම්..
උණුහුම හිත හැදුව තරම්..
රැවටුනු හැටි මා මෙතරම්..

හිත හඩන තරම්
ඔබ දන්නවනම්
තව කඳුළු දිදී...රිදවන්න..
මා දැවෙන තරම් - ඔබ දන්නෑ....

මගෙ හීනයෙ ලඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවේදෝ

නොමියෙන මල් මතක පෙති..
එක එක බිඳ දැමුව හැටි..
නෙතු අග තෙත් රැදුනු නිති..
මගෙ වරදම වෙන්න ඇති..

උණු සිනහ සිතින්..
ඔබ ඉන්නවනම්..
තව කඳුළු කතා...පවසන්න
මේ කදුළු මගේ - දැන් දුක නෑ.....

මගෙ හීනයෙ ලඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවේදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Heenaye Song Lyrics - මගෙ හීනයෙ ගීතයේ පද පෙළ Mage Heenaye Song Lyrics - මගෙ හීනයෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2021 Rating: 5

0 comments:

Post a Comment