Kanda Udin Ena Song Lyrics - කන්ද උඩින් එන ගීතයේ පද පෙළ

Kanda Udin Ena Song Lyrics - කන්ද උඩින් එන ගීතයේ පද පෙළ
Song Title : Kanda Udin Ena (කන්ද උඩින් එන)
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය : ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද : මහගමසේකර


කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ
නළල් වටින්
එන දාඩිය මුතු කැටියේ

කන්ද උඩින් එන ගෝමරියේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
නළලේ දාඩිය මුතුපට පටලා
වලාකුළේ සුදු සේලය රැළි ලා

වලාකුළේ සුදු සේලය රැළි ලා
අත පාමුදු පය පාමුදු ලාගෙන
ළමැදේ ගෝමර මල් ගවසාගෙන
කන්ද උඩින් එන ගෝමරියේ

කන්ද උඩින් සඳවත පායන්නේ
සිනා කිරෙන් සඳ එළිය ගලන්නේ
ලැවුගිණි ගත් සිත එයිනි නිවෙන්නේ
රන් තැටියෙන් කිරි දියර දියන්නේ
කන්ද උඩින් එන ගෝමරියේ

කඳු පාමුල මිටියාවත වැතිරී
ඔබ එනතුරු මම හිඳිනෙමි තනිවී
ඈත ඉඳන් කඳු මුදුනට නැගලා
මා කැඳවන් ඔබ වෙත අත වනලා
කන්ද උඩින් එන ගෝමරියේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
නළලේ දාඩිය මුතුපට පටලා
වලාකුළේ සුදු සේලය රැළි ලා

වලාකුළේ සුදු සේලය රැළි ලා
අත පාමුදු පය පාමුදු ලාගෙන
ළමැදේ ගෝමර මල් ගවසාගෙන
කන්ද උඩින් එන ගෝමරියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kanda Udin Ena Song Lyrics - කන්ද උඩින් එන ගීතයේ පද පෙළ Kanda Udin Ena Song Lyrics - කන්ද උඩින් එන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2021 Rating: 5

0 comments:

Post a Comment