Hima Kandu Atharin Song Lyrics - හිම කඳු අතරින් ගීතයේ පද පෙළ

Hima Kandu Atharin Song Lyrics - හිම කඳු අතරින් ගීතයේ පද පෙළ
Song Title : Hima Kandu Atharin (හිම කඳු අතරින්)
ගායනය : ඩබ්.ඩී. අමරදේව
සංගීතය : ඩබ්.ඩී. අමරදේව
ගී පද : සරත් අමුණුගම


හිම කඳු අතරින් පාවී එන්නේ
නීල වලාවේ පැහැය දරා
දඟකාර ඔබේ ඔය නෙත් මිණි දල්වා
බලන්න මා දෙස මඳහස පාලා
බලන්න මා දෙස මඳහස පාලා

මිහි බට සුර කුමරියක් ලෙසින්නේ
ලැසි ගමනින් පා සළඹ සලන්නේ //
මුව සඟවා ලූ සළුව මුදා හැර
බලන්න මා දෙස මඳහස පාලා
බලන්න මා දෙස මඳහස පාලා

එරන්දතී සුකුමාල ළඳුන්නේ
දිගු වරලස සුදු මල් ගවසන්නේ //
දෑත නඟා නිල් වරල උනා යළි
බලන්න මා දෙස මඳහස පාලා
බලන්න මා දෙස මඳහස පාලා

හිම කඳු අතරින් පාවී එන්නේ
නීල වලාවේ පැහැය දරා
දඟකාර ඔබේ ඔය නෙත් මිණි දල්වා
බලන්න මා දෙස මඳහස පාලා
බලන්න මා දෙස මඳහස පාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hima Kandu Atharin Song Lyrics - හිම කඳු අතරින් ගීතයේ පද පෙළ Hima Kandu Atharin Song Lyrics - හිම කඳු අතරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2021 Rating: 5

0 comments:

Post a Comment