Asaliya Song Lyrics - අසලියා ගීතයේ පද පෙළ

Asaliya Song Lyrics - අසලියා ගීතයේ පද පෙළ
Song Title : Asaliya (අසලියා)
Vocals : Ayesh Jayathilaka
Lyrics : Yashodha Adhikari
Mixed & Mastered : Thisura Ruwanjith
Album Art : Saleen Safna
Composition, Melody & Production : GiGiSHAN


මේ සැණකෙළියේ නුඹ රඟන විරාමේ
නෙතු සැලුණු වෙලාවේ
සිත සසල වෙලා…
රූ සර වින්ඳේ පෙම් අසුර නුරාවේ
හිත වෙලුණු සිනාවේ
අද උමතු වෙලා…

ඉන්ද්‍ර නීල තරු ගෙනාව සේයා
නින්ද නේන රැය පුරාම පායා
යන් ද රෑක මේ අතේ වෙලීලා
අසලියා…
මන්දහාස මා සොයාන ආවා
රංගශ්‍රීය ඇය තමාම ඕනා
වර්ණ ගෑවු ජීවිතේම සේයා
අසලියා…

පේනා පේනා හීනේ
සේයා ඡායා දෑලේ
කීවා වාගේ ආලේ ඒ සිනා…
වෑහේ යාමේ සීතේ
ආශා සේනා රහසේ
නෑසී යාදෝ ආයේ ඒ කතා…

සීතල නිල්ලේ තුරු මඩුලු සදැල්ලේ
සඳ නිදන ඇසිල්ලේ
නුඹ තුරුළෙ හොවා…
නෑ ලතැවිල්ලේ නුඹ ළඟ සැනසිල්ලේ
ඔය පෙම් හසරැල්ලේ
හඬ නිහඬ කළා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asaliya Song Lyrics - අසලියා ගීතයේ පද පෙළ Asaliya Song Lyrics - අසලියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2021 Rating: 5

0 comments:

Post a Comment