Therunado Song Lyrics - තේරුණාදෝ ගීතයේ පද පෙළ

Therunado Song Lyrics - තේරුණාදෝ ගීතයේ පද පෙළ
Song Title : Therunado (තේරුණාදෝ)
Lyrics : Manuranga Wijesekara & Sanuka Wickramasinghe 
Melody & Music : Sanuka Wickramasinghe 
Female Vocals : Windy Goonatillake 
Vocals : Sanuka Wickramasinghe


අහස ගුගුරා කිව්වා තේරුණාදෝ
පොළොව දෙදරා ඇහුවා තේරුණාදෝ
යන්නෙ කොහෙදෝ කියලා තේරුණාදෝ
වැරදි අපිමයි කියලා තේරුණාදෝ

පවට හදවත දීලා ඉන්න සිතුවෝ
ලොවම අල්ලේ නටවා ගන්න හැදුවෝ
පපුව ඈතින් තියලා හීන දුටුවෝ
හිතට හීලෑ වීලා වැරදි කෙරුවෝ

අහසයි පොළොවයි අතරේ හිඩසයි
ගිනිගයි ඇවිලෙයි අපගේ වරදයි
සිතුවා නම්
දවසක අපිම අපිට මෙහෙම වෙයි කියා
හැදුනා නම්
ගහකට මලකට අපි තවත් ලංවෙලා

ඉරට දෝත් මුදුන් තියා එකල වැන්දෝ
ගහට ගලට කුළට දිව්‍ය නාම බැන්දෝ
හඳට පියැඹූ මිනිසා ගෙතුළ මන්දෝ
සියලු ධූර නිල, සොබාදහම බින්දෝ

රාජ සම්පත් ගෙනෙනා ග්‍රහයො කොහෙදෝ
දෙයියො විකුණං පල කෑ කපුටො කොහෙදෝ
යද්දි යන්නෙ හිස් අතින්, දන්නෙ නැද්දෝ
තාම “එකම තිරිසනා” හැදුනෙ නැද්දෝ

අහසයි පොළොවයි අතරේ හිඩසයි
ගිනිගයි ඇවිලෙයි අපගේ වරදයි
සිතුවා නම්
දවසක අපිම අපිට මෙහෙම වෙයි කියා
හැදුනා නම්
ගහකට මලකට අපි තවත් ලංවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Therunado Song Lyrics - තේරුණාදෝ ගීතයේ පද පෙළ Therunado Song Lyrics - තේරුණාදෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2021 Rating: 5

0 comments:

Post a Comment