Sigiriya Song Lyrics - සීගිරිය ගීතයේ පද පෙළ

Sigiriya Song Lyrics - සීගිරිය ගීතයේ පද පෙළ
Song Title : Sigiriya (සීගිරිය)
Lyrics : Ruwan Kumara


සීගිරියේ ගල බලන්න යන විටදී ප්‍රථම වරට
දඹුල්ලේදි නුඹත් නැග්ගා අප නැගි බස්රිය තුලටම
එනමුදු මා නොසිතූ ලෙස නුඹ බැස්සේ අපටත් පෙර වෙනත් තැනක
නුඹ සිහියේ තබාගෙනයි මාත් බැස්සෙ සීගිරියට
අහෝ දුකකි බඹරු නිසා සීගිරියත් වසා තිබේ
එවේලෙහිම අපි නැග්ගේ පිදුරංගල ගල් උඩටයි
මහන්සියයි බඩගින්නයි අප ආවේ හවස් වෙලයි
කාලා බීලා එලියට ආවෙ නාන්න යන්නයි වැවකට

එනමුදු මා දුටුව දෙයින් මුලු ලොව අමතක වූයේ
බස්රියේ සිටි සුන්දර නුඹ නැවතත් මා ඉදිරියෙ සිටියා
මට අත නොවනා නුඹ රිළවුන් හට අත වැනුවා
එය දුටු මා කිඹුලෙක් යැයි බොරුවට කෑ ගැසුවා
බොරුවක් බව දැනගත් නුඹ අයිස් පලං කෑමට දිවුවා
නැවතත් නුඹ නැති වූවා යහළුවන් සමඟ මා තනි වූවා
පුදුමයකි සීගිරි ආ බස්රියම නැවතත් යාමට සැරසෙනවා
එය දුටු අප එම බස්රිය තුලටම නැග්ගා
නුඹ ගැන සිතමින් මා ලත වූවා
ඒ බව දැනගත්තා මෙන් නැවතත් නුඹ එම බස්රියටම ආවා
යහළුවන්ගේ කතා නිසා නුඹ තරහෙන් මෙන් සිටියා
වැවකට යන පාරක් දැක්කා නුඹ තනිකර අප බස්රියෙන් බැස්සා
මා තනිකර නුඹ බසයත් සමඟ ගියා
නාලා කාලා ගෙදර එන්න නැවතත් බස් නැවතුමට ආවා
හවස හයට ආවෙත් අර ලංගම බස් එකමයි
එනමුදු මා සොයන රුව එම බස්රියේ නැති බව දැක්කා
ආගන්තුක රුව පමණක් සිතේ තබාගෙන නැවතත් ගෙදරට අවා
එනමුදු කරන්න කිසිම දෙයක් නැත
රුව පමණක් හිතේ තබා ගෙන අදටත් මා ලත වෙනවා

වෙසක් එකට වගේ පොසොන් එකටත් එන්න පන්සල් වදින්න
මේ පාර යන්න අළුලෙන බලන්න මාතලේට
අපි දෙනවා දන්සල විසිහතර වෙනි පාරට
ඔයා එන්න දන්සලට මම ඉන්නම් මග බලාන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sigiriya Song Lyrics - සීගිරිය ගීතයේ පද පෙළ Sigiriya Song Lyrics - සීගිරිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2021 Rating: 5

0 comments:

Post a Comment