Saduda Ude Song Lyrics - සඳුදා උදේ ගීතයේ පද පෙළ

Saduda Ude Song Lyrics - සඳුදා උදේ ගීතයේ පද පෙළ
Song Title : Saduda Ude (සඳුදා උදේ)
Singing : Niranjala Sarojini (නිරංජලා සරෝජිනී මහත්මිය) සහ Jaliya Ranathunga (ජාලිය රණතුංග මහත්මා)
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : රූකාන්ත ගුණතිලක  මහත්මා


සඳුදා උදේ
දුර එද්දි මා
වැට ගාව ඔබ ඉන්නවා
රහසින් බලා
නොකියා කියූ
ඔය රහස මම දන්නවා

සඳුදා ඉඳන්
හැමදා උදේ
මඟ මං බලා ඉන්නවා
සුරතල් මුවේ
හිරිමල් හිනා
වෙනදාක පිළිගන්නවා

පාසල් වියේ පුංචි අපි නම් අනේ
හඳුනන්නෙ නෑ ආදරේ
ඔබමයි ඉතින් ඉඟිපා නෙතින්
පවසන්නෙ ප්‍රේමාදරේ

සඳුදා උදේ
දුර එද්දි මා
වැට ගාව ඔබ ඉන්නවා
රහසින් බලා
නොකියා කියූ
ඔය රහස මම දන්නවා

සඳුදා ඉඳන්
හැමදා උදේ
මඟ මං බලා ඉන්නවා
සුරතල් මුවේ
හිරිමල් හිනා
වෙනදාක පිළිගන්නවා

මේ ගේ ළඟින් යද්දි පැටලෙයි දෙපා
නුහුරුයි නෙ මට ආදරේ
කිරි කෝඩු මං මේ පෙම් රටේ
අපි තාම පොඩි උන් වගේ

සඳුදා උදේ
දුර එද්දි මා
වැට ගාව ඔබ ඉන්නවා
රහසින් බලා
නොකියා කියූ
ඔය රහස මම දන්නවා

සඳුදා ඉඳන්
හැමදා උදේ
මඟ මං බලා ඉන්නවා
සුරතල් මුවේ
හිරිමල් හිනා
වෙනදාක පිළිගන්නවා

වැට ගාව ඔබ ඉන්නවා
මඟ මං බලා ඉන්නවා
ඔය රහස මම දන්නවා
වෙනදාක පිළිගන්නවා
වැට ගාව ඔබ ඉන්නවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Saduda Ude Song Lyrics - සඳුදා උදේ ගීතයේ පද පෙළ Saduda Ude Song Lyrics - සඳුදා උදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2021 Rating: 5

0 comments:

Post a Comment