Penena Nopenena Duraka Idan Song Lyrics - පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ පද පෙළ

Penena Nopenena Duraka Idan Song Lyrics - පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ පද පෙළ
Song Title : Penena Nopenena Duraka Idan (පෙනෙන නොපෙනෙන දුරක ඉදන්)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවෙන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඩන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා

නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඇවිදින් තුරුලු වෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් සිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Penena Nopenena Duraka Idan Song Lyrics - පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ පද පෙළ Penena Nopenena Duraka Idan Song Lyrics - පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 09, 2021 Rating: 5

0 comments:

Post a Comment