Iri Thalunu Song Lyrics - ඉරි තැලුණු වළා ගීතයේ පද පෙළ

Iri Thalunu Song Lyrics - ඉරි තැලුණු වළා ගීතයේ පද පෙළ
Song Title : Iri Thalunu (ඉරි තැලුණු වළා)
Singing : Amarasiri Peiris (අමරසිරි පීරිස් මහත්මා)


ඉරි තැලුණු වළා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ සෙනග රවටමින්

වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතර වීලා
කහ ඉරෙන් එතර වීලා

ඉරි තැලුණු වළා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ සෙනග රවටමින්

රිය පෙලේ කිරුල හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා
කහ ඉරත් රැලි වැටීලා

ඉරි තැලුණු වළා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ සෙනග රවටමින්

ඉරි තැලුණු වළා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ සෙනග රවටමින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Iri Thalunu Song Lyrics - ඉරි තැලුණු වළා ගීතයේ පද පෙළ Iri Thalunu Song Lyrics - ඉරි තැලුණු වළා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2021 Rating: 5

0 comments:

Post a Comment