Baddata Sanda Wage Song Lyrics - බැද්දට සඳ වගේ ගීතයේ පද පෙළ

Baddata Sanda Wage Song Lyrics - බැද්දට සඳ වගේ ගීතයේ පද පෙළ
Song Title : Baddata Sanda Wage (බැද්දට සඳ වගේ)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ
රන්දාපාමිනේ නැතියේ
රන්කඳ වී මගේ

මං බැද්දේ ගොහින් බමර කොටක්
ගෙනැල්ලා දෙන්නම්
ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
ගෙනැල්ල දෙන්නම්

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ

මහ හූරෝ සහේට දෙන්නට හැදුවට
මහ හූරෝ සහේට දෙන්නට හැදුවට
යන්ට එපා
උඹ යන්ට එපා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ
රන්දාපාමිනේ නැතියේ
රන්කඳ වී මගේ

මං බැද්දේ ගොහින් බමර කොටක්
ගෙනැල්ලා දෙන්නම්
ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
ගෙනැල්ල දෙන්නම්

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ

මහ බල ඇති කළු
බණ්ඩාර දෙවියන්ට
මහ බල ඇති කළු
බණ්ඩාර දෙවියන්ට
යදිනවා මං යදිනවා
මගෙ නෑනී සහේට ගන්ට හිතා
මගෙ නෑනී සහේට ගන්ට හිතා

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ
රන්දාපාමිනේ නැතියේ
රන්කඳ වී මගේ

මං බැද්දේ ගොහින් බමර කොටක්
ගෙනැල්ලා දෙන්නම්
ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
ගෙනැල්ල දෙන්නම්

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Baddata Sanda Wage Song Lyrics - බැද්දට සඳ වගේ ගීතයේ පද පෙළ Baddata Sanda Wage Song Lyrics - බැද්දට සඳ වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 02, 2021 Rating: 5

0 comments:

Post a Comment