Andura Ikibindina Thuru Song Lyrics - අඳුර ඉකිබිඳින තුරු ගීතයේ පද පෙළ

Andura Ikibindina Thuru Song Lyrics - අඳුර ඉකිබිඳින තුරු ගීතයේ පද පෙළ
Song Title : Andura Ikibindina Thuru (අඳුර ඉකිබිඳින තුරු)
Singing : Asanka Priyamantha Peiris (අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මා) සහ Nirosha Virajini (නිරෝෂා විරාජිනි මහත්මිය)
Lyrics : Channa Jayanath (චන්න ජයනාත් මහත්මා)
Music : Rohana Wirasinghe (රෝහණ වීරසිංහ මහත්මා)


අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
නාඬනු දුක් කඳුළ තුරුලටම වඩිමි
සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී

පිවිතුරු පැන් බිඳකට මුතු කඳුළු වැටී
දෑඟිලි මැද සෙනෙහස රන් දෙවොල තැනී
සාගරයක ආදර රැළි හිතට එබී
දිග වුණා තමයි සොඳුරියෙ සසර බැමි

අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
නාඬනු දුක් කඳුළ තුරුලටම වඩිමි
සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී

මල් පෙති මත නැවුම් සුවඳ වැතිර හිඳී
මින්දදයින් මා බලන්න නිතර එති
හීනෙන් මුදු පොපියන තොල් සඟල සිඹී
ඔබෙ සුවඳින් මිදුණා දුක සසර පිරී

අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
නාඬනු දුක් කඳුළ තුරුලටම වඩිමි
සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Andura Ikibindina Thuru Song Lyrics - අඳුර ඉකිබිඳින තුරු ගීතයේ පද පෙළ Andura Ikibindina Thuru Song Lyrics - අඳුර ඉකිබිඳින තුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2021 Rating: 5

0 comments:

Post a Comment