Vikasitha Pem Pokuru Song Lyrics - විකසිත පෙම් පොකුරු ගීතයේ පද පෙළ

Song Title : Vikasitha Pem Pokuru (විකසිත පෙම් පොකුරු) Singing : Pandith W.D. Amaradewa (පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහත්මා)
Song Title : Vikasitha Pem Pokuru (විකසිත පෙම් පොකුරු)
ගායනය : ඩබ්. ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස


විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික්‌ පහන් වැට දැල්වේවා

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ




👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Vikasitha Pem Pokuru Song Lyrics - විකසිත පෙම් පොකුරු ගීතයේ පද පෙළ Vikasitha Pem Pokuru Song Lyrics - විකසිත පෙම් පොකුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 14, 2021 Rating: 5

0 comments:

Post a Comment