Sanda Nidanna Song Lyrics - සඳ නිදන්න ගීතයේ පද පෙළ

Sanda Nidanna Song Lyrics - සඳ නිදන්න ගීතයේ පද පෙළ
Song Title : Sanda Nidanna (සඳ නිදන්න)
Artist : Raween Kanishka
Music : Ranjith Premaveera
Lyrics : Gihan Chamika

ම්…ම්….
හා..හා…ම්…ම්….

සඳ නිදන්න.. ඔය ආදර ඇස් දෙකේ

ඉඩ තියන්න.. සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න
සඳ නිදන්න..

සඳ සීත ගෙන එන්නෙ ආදරේ..
දඟකර නිල් දෑස මානයේ..
ගුලිවෙන්න රතු⁣ රෝස හීනයේ..
ළඟ ඉන්න තුරුලෙම මා ළයේ..
අඩවන් දෑස කිවේ..
ජිව්තේ අරැතමයි සංවරයි මැණික මාගෙ

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න…

සමණලිය තටු සලන යාමයේ..
මල් සුවඳ මකරන්ද මාරුතේ..
දෙතොලතර සුසුම්න්ද මේ රැයේ..
නිල්මල් විලෙන් හීන වෑහුනේ..
මුසපත් සේද යායේ
උණුහුමින් හිත නිවයි පින්සරයි මැණික මගේ

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ

ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න
සඳ නිදන්න….

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Nidanna Song Lyrics - සඳ නිදන්න ගීතයේ පද පෙළ Sanda Nidanna Song Lyrics - සඳ නිදන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 14, 2021 Rating: 5

0 comments:

Post a Comment