Oba Song Lyrics - ඔබ ගීතයේ පද පෙළ

Oba Song Lyrics - ඔබ ගීතයේ පද පෙළ
Song Title : Oba (ඔබ)
Artist : Senali Iddamalgoda
Lyrics : Chamani Premathilaka
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala
Guitar arr : Kavin Harshana
Motion video : Chameera J Hettiarachchi


පාළු සීතල රෑට
මා සොයා ඔබ එන්න
කොපුල් වල ගැහෙනා තුරු
ඇස් දෙකින් සිනාවෙන්න
සඳ දියට පැන
ගඟ සිඹින තැන
මඳ සිසිල දෙන
හද නිවන තැන
ඔබ

ලඟින් හිද මා අසල
පෙම් වදන් මුමුණන්න
උරහිසේ රැදුනු බර
මගෙන් ඉවතට අරගන්න
රළ බිඳෙන තැන
ඉර හැරෙන තැන
රස පෙරා මීවිත
මැවෙන තැන
ඔබ

මගෙ කඳුළු වියැලෙන්න
සුසුම් වැසි වස්සන්න
හෙටත් මට මම වෙන්න
යලිත් මා හැර යන්න
සෙවනැල්ල වුව
අත් හරින තැන
අත් නොහැර මා
සමඟ එන
ඔබ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
333
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Song Lyrics - ඔබ ගීතයේ පද පෙළ Oba Song Lyrics - ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2021 Rating: 5

0 comments:

Post a Comment