Nobalan Kumariya Nisasala Song Lyrics - නොබලන් කුමරිය නිසසල ගීතයේ පද පෙළ

Nobalan Kumariya Nisasala Song Lyrics - නොබලන් කුමරිය නිසසල ගීතයේ පද පෙළ
Song Title : Nobalan Kumariya Nisasala (නොබලන් කුමරිය නිසසල)
Singing : T.M. Jayarathna (ටී.එම් ජයරත්න මහත්මා)

නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙන්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක දල්වා
සමුගත මැනවි ඉතින්

නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

සුපුරුදු තනිකම පාලුව
මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
සුපුරුදු තනිකම පාලුව
මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහද වෙලන්නට
ඔබ හට නොහැක ඉතින්

නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nobalan Kumariya Nisasala Song Lyrics - නොබලන් කුමරිය නිසසල ගීතයේ පද පෙළ Nobalan Kumariya Nisasala Song Lyrics - නොබලන් කුමරිය නිසසල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment