නිදහස් දිනය පිළිබද තොරතුරු බිදක් 🇱🇰🙏❤🙏🇱🇰 ( Some Information About Sri Lanka's Independence Day )

නිදහස් දිනය පිළිබද තොරතුරු බිදක් 🇱🇰🙏❤🙏🇱🇰 ( Some Information About Sri Lanka's Independence Day ) - Your Choice Way
🔸 ජාතික දිනයක් ලෙස හැදින්වෙන්නේ ජාතියක් හෝ ස්වෛරී නොවන රටක් විසින් ජාතික තත්වය හිමිකර ගැනීම සැමරීම සදහා විශේෂිතව නම් කෙරුණු දිනයක් වේ.

🔹 ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ලෙස ලිපාස්/ජොෂුවා ලුවී නීතියට අනුකූලව 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් ලැබූ රටේ අභ්‍යන්තර දේශපාලන ස්වාධීනත්වය සැමරීමට හැකි අතර එය සිදුකරනු ලබන්නේ පෙබරවාරි 04වනදාය ය.

🔴 බොහෝ විට ප්‍රධාන සැමරුම් උත්සවය කොළඹ දී පැවැත්වෙන අතර එහිදී ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමත්, නිදහස්  දින කතාව පැවැත්වීමත් සිදු කරනවා.

▪️▪️▪️1948 පෙබරවාරි 04▪️▪️▪️

💠 133 වසරක් බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් ව පැවති අපේ රට නිදහස් බිමක්‍ ලෙස ප්‍රකාශයට පත් කළ දිනයේ දහසක් ජනයාගේ සිත්වල අරුණළු පූදින්නට පටන් ගත්තා.

💠 ඒ වර්ෂ 1948 පෙබරවාරි 04 වන දිනයි.

ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වුණේ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙනුයි.

🟤 එම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතීන් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස්‌ මේසන් මුවර්තුමා ,සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

🟤 මේ දිවුරුම් දීම සිදු වුනේ කොළඹ රජ වසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය.

🟤 නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ.

🟠 නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකුද එදින නිදහස ලැබුණා.

🟢 මෙම 4,5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමුණා.

🟣 පෙබරවාරි 4,10,11,12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරුණා.

🔴 වාරායේ නැව්,රජයේ ගොඩනැගිලි,ආගමික ස්ථාන,නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන් අතර කොළඹ පැවති නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක වුණා.

🔘 එදින නිදහස් උත්සව මලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ග්ලොස්ටර්හි ආදිපාදවරයාය.

🟠 ඔහු 06 වෙනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරෙක්.එතුමා කලක් බ්‍රිතාන්‍යට අයත් රට වල ළමා සංගම් පිළිබද ජාතික සංගමයේ සභාපති වරයා ලෙසද කටයුතු කළා.

⚫1945 සිට 1947 දක්වා ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකර දුරයද හෙබවූ එතුමා අල්ටර්හි අර්ල් පදවියද දරා තිබෙනවා.

🟢 බ්‍රිතානයන්ට යටත් වීමෙන් පසුව බ්‍රිතානයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය ,ඔටුන්න ඇතුළු කෞතුක භාණ්ඩ 1934 දී නැවත ශ්‍රී ලංකාවට බාරදුන් ලැබුවේද ග්ලොස්ටර්හි ආදිපාදවරයාගේ මැදිහත් වීමෙනුයි.

🟤 කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් මිදී වසර 73ක් ගියද අප ස්වාධීන රටක් ලෙස තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම සියළු පුරවැසියන්ගේ යුතුකමක් සහ වගකීමකි.

දැනුම් පාරාදීසය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිදහස් දිනය පිළිබද තොරතුරු බිදක් 🇱🇰🙏❤🙏🇱🇰 ( Some Information About Sri Lanka's Independence Day ) නිදහස් දිනය පිළිබද තොරතුරු බිදක් 🇱🇰🙏❤🙏🇱🇰 ( Some Information About Sri Lanka's Independence Day ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment