Ninda Nena Rathriye Song Lyrics - නින්ද නේන රාත්‍රියේ ගීතයේ පද පෙළ

Ninda Nena Rathriye Song Lyrics - නින්ද නේන රාත්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Ninda Nena Rathriye (නින්ද නේන රාත්‍රියේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
සංගීතය : සරත් ද අල්විස්
ගී පද : අජන්තා රණසිංහ


නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ //
නින්ද නේන රාත්‍රියේ

කුමුදු කුමාරියේ
ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ
මම ඉන්නම් පවන් දැලේ
ඉඳුනිල් නුවන් පියා සැතපෙම්
රෑ නිසංසලේ

නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ
නින්ද නේන රාත්‍රියේ

අරුණෝදයේ ඔබේ
නෙතු සඟළේ කැලුම් සලා
සූරිය පෙරම්බරේ
දිනු අයුරින් සිනාසිලා
සෙනෙහේ විජිණි පතින් සනහන්
මට පවන් සලා

නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ
නින්ද නේන රාත්‍රියේ




👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ninda Nena Rathriye Song Lyrics - නින්ද නේන රාත්‍රියේ ගීතයේ පද පෙළ Ninda Nena Rathriye Song Lyrics - නින්ද නේන රාත්‍රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2021 Rating: 5

0 comments:

Post a Comment