Muthu Pinna Song Lyrics - මුතු පින්න ගීතයේ පද පෙළ

Muthu Pinna Song Lyrics - මුතු පින්න ගීතයේ පද පෙළ
Song Title : Muthu Pinna (මුතු පින්න)
Artist : Marians
Vocals : Nalin Perera
Melody : Nalin Perera
Lyrics : Kelum Srimal


මුතු පින්න තාම හීතලයි වගේ
රහ දන්න දෑස මග බලයි ඉබේ
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ

මල් රෙද්ද තදට තනි රකී ඉනේ
මල් යාය හොඳට සැප විඳී බඳේ
ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ
ඔබ දකින එකත් සැපක්නේ අනේ

මා දැක්කම ඉඟ නටන දර්ශනේ
මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ
හොර බැල්මේ බහට පිරුණු හිත මගේ
නගා බලා ගන්න නෑ මම දන්නේ

මුතු පින්න තාම හීතලයි වගේ
රහ දන්න දෑස මග බලයි ඉබේ
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muthu Pinna Song Lyrics - මුතු පින්න ගීතයේ පද පෙළ Muthu Pinna Song Lyrics - මුතු පින්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2021 Rating: 5

0 comments:

Post a Comment