බුලත් (Bulath)

බුලත් (Bulath) - Your Choice Way
😁✍ බුලත් අතීතයේ සිටම ශ්‍රී ලාංකික ජන ජීවිතයේ විවිධ අවස්ථාවලදී යොදාගන්නා මංගල සම්පතක් බදුය.අපේ ආගමික මෙන්ම සාමාජීය උත්සව අවස්ථාවලදී ද නැතුවම බැරි දෙයක් ලෙස බුලත් වලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.

🤔ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ අපූරු ශාක පත්‍රයේ ඉතිහාසය,වගතුග කිහිපයක් පිළිබදවයි.

🌀විවිධ භාෂාවලින් හදුන්වන බුලත්

🌞සිංහල භාෂාවෙන් බුලත් ලෙසත්,
🌞ඉංග්‍රීසි භාෂාවෙන් බීට්ල් (betel) ලෙසත්,
🌞දෙමළ භාෂාවෙන් වෙත්තිලෙයි ලෙසත්,
🌞පාලි භාෂාවෙන් තාම්බුල ලෙසත්,
🌞සංස්කෘත භාෂාවෙන් තාම්බුලි,නාගවල්ලි,නාගිනි යන නම්වලිනුත්,
🌞හින්දි භාෂාවෙන් නාගරවේල් ලෙසත්,
🌞බෙංගාලි භාෂාවෙන් පාණ ලෙසත්, හදුන්වනු ලබනවා.

🍃කෙසේ නමුත් අපේ කමත් භාෂාවෙදි නම් බුලත් හදුන්වන්නේ පැගිරි කොළ නමින්.

🍃දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ බුලත් වැවුණත්,ඉතා සාර්ථක ලෙස බුලත් වැවෙන්නේ ගම්පහ සහ වේයන්ගොඩ ප්‍රදේශවලයි.

🌀මොනවද මේ බුලත් වර්ග?

🍇ගැමනවාලු
🍇භින්තමාලු දලු බුලත්
🍇මල් බුලත්
🍇රට දලු
🍇මානේරු
🍇නාගවල්ලි
🍇ගැටතෝඩු
🍇මැටිවිලා වශයෙන් ප්‍රධාන බුලත් වර්ග කිහිපයක් තියෙනවා.

🌀බුලතේ උපත

🐚බුලත් මනු ලොවට නාග ලෝකයෙන් ගෙන ආ බවට විශ්වාසයක් පවතිනවා.නා රජු බුලත් ගෙන ඒමේදී බුලත්වල නටුව හා දල්ල එකතු කර මුඛයේ තබාගෙන පැමිණ ඇත.එම මතය නිසා බුලත් කෑමට පෙරාතුව බුලත් නැට්ට හා බුලත් වල අග්‍ර කොටස කඩා දමා බුලත් සැපීම අදද පුරුද්දක් කර ගෙන ඇත.
🐚බුලත් වල නිජබිම ලෙස සැලකෙන්නේ මැලේසියාවයි.

🌀ඉතිහාසයෙන් හා බෞද්ධ සාහිත්‍යෙයන්...

🐾ජනප්‍රවාදයන් අනුව නම් දුටුගැමුණු රජතුමා මහියංගණ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගත් කාලයේ එම දාගැබ බදවමින් සිටියදී රජතුමාට බුලත් මෙහෙ වැඩීමට උඩුදුම්බර ප්‍රදේශයේ ශක්ති සම්පන්න පුරුෂයෙකු පත් කර ඇති අතර රජ වාසලෙහි හැමෝම ඔහු හදුන්වා ඇත්තෙ බුලතා යන නමින්.ඔහුගේ රාජකාරිය වූයේ දවසට හත් වරක් බුලත් විට සාදා රජ තුමාට පිළිගැන්වීමයි.
🐾 එමෙන්ම බදුලු ටැම් ලිිපිය අනුම 02 වන උදය රජු බුලත් අලෙවිය සදහා ද නීතිරීති පනවා ඇත.

🌀ඖෂධීය ගුණය

💊අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව නම් බුලත් විවිධ රෝගාබාධ නිවාරණය සදහා භාවිතයට ගැනේ.
💊බුලත්වල ඖෂධීය ගුණ 13 ක් ඇති බව පැවසේ.
💊බුලත් කොළයට ආවේණික වූ මිහිරි රසක් මෙන්ම තිත්ත රසක්ද ඇත.
💊සමහර රෝගාබාධ සදහා බුලත් පොල්තෙලෙන් රත්කර තැවීම සිදු කෙර්.
🍃අතීතයේ සිටම අපේ සංස්කෘතිය පෝෂණය වෙලා තියෙන්නේ බුදු දහමින්.බුලත් කියන්නේ බොදු සිරිත් මුල් කරගත් අපේ ජීවිතයේ විවිධ කටයුතුවලදී පෙරමුණ ගන්නා අපූරු ශාක පත්‍රයක් .

😁✍️ Lenmini Kehansa
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බුලත් (Bulath) බුලත් (Bulath) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment