Awapasa Ahasaka Tharu Song Lyrics - අවපස අහසක තරු ගීතයේ පද පෙළ

Awapasa Ahasaka Tharu Song Lyrics - අවපස අහසක තරු ගීතයේ පද පෙළ
Song Title : Awapasa Ahasaka Tharu (අවපස අහසක තරු)
ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුලරත්න ආරියවංස


අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ //

මාවත අවහිර නිමවා
දළ රළ පෙල සැතපෙනවා
සැළමුතු සෙනෙහස මඳ පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ

දෝතක අසෙනිය ගවසා
ඔබ පෙරමඟ හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියැවෙනවා

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ //



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awapasa Ahasaka Tharu Song Lyrics - අවපස අහසක තරු ගීතයේ පද පෙළ Awapasa Ahasaka Tharu Song Lyrics - අවපස අහසක තරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2021 Rating: 5

0 comments:

Post a Comment