Song Title : Aradhana Song Lyrics - ආරාධනා ගීතයේ පද පෙළ
Singing : Pandith W.D. Amaradewa (පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහත්මා)
ආරාධනා
ආරාධනා
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට
රැගෙන යළි වඩින්න
ආරාධනා
ආරාධනා
නෙළු සුපෙම් කැටයම් හද පවුරුතලාවේ
මැකී ගියාදෝ – කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා
සෙනේහයේ සත් පියුමන් යළිඳු පිපේවා
ආරාධනා
ආරාධනා
එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුසුමේ යළිදු උපන්නෙම්
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා
ආරාධනා
0 comments:
Post a Comment